දූව දේවස්ථානයේ සංවත්සරයේ ගැටුම අධිකරණයට…

0
120

duwa churchමීගමුව, දූව දේවස්ථානයේ මිසම් පාලක පියතුමා විසින් එම ග‍්‍රාමයේ පුද්ගලයින් 08 දෙනෙකු සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව එය වැඩි දුර විභාගය (2011/05/10) වැනිදා  මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සිදු විය. මෙම පැමිනිල්ලට අදාල වුයේ දූව දෙවස්ථානය මේ වසරේ පැවැත්වීමට නියමිත වාර්ෂික මංගල්‍ය, දේවස්ථානයේ 125 සංවත්සරය ලෙස හදුන්වන පිරිසක් හා  150 සංවත්සරය බවට හදුන්වන තවත් පිරිසක් අතරේ ඇති වී තිබෙන මත ගැටුමක සිදුවීම් කිහිපයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. කලක පටන් පැවැති මෙම මත ගැටුම මේ වන විට දූව ග‍්‍රාමය තුල අභ්‍යන්තර ගැටුමක් බවට වර්ධනය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මිසම් පාලක පියතුමා විසින්  මේ අදාල පුද්ගලයින් 08 දෙනාට චෝදනා කිහිපයක් නගා ඇත. එනම් දෙවස්ථානයේ වැටවල් කඩා දැමීම, දේවස්ථානයේ කුරුස ගසට හානී කීරීම, දෙවස්ථාන පරිශ‍්‍රය ආසන්නයේ තිබූ කටවුට් කඩා බිද දැමීම හා දේවස්ථානයේ සීනුව අවසරයකින් තොරව නාද කර ජනතාව කලබල කිරීම යනාදියයි. මේ අනුව මෙලෙස මීසම් පාලක පියතුමා විසින් නම් කල පුද්ගලයින් 08 දෙනාගෙන් අධිකරණයට පැමිණ සිටියේ  06 දෙනෙකු පමණි. ඒ සෑම අයෙකුටම රු. 5000 ක මුදල් ඇපයක් හා රු.200,000 ශරීර ඇපයක් බැගින් නියම කෙරුණි. මෙහි වැඩි දුර විභාගය මේ මස 24 වැනි දිනට (2011/05/24) පැවැත්වීමට නියමිතව ඇත.