දූව පිටිපන මාළු ලෙල්ලමේ වැසිකිළිය අපායක් !

0
60

IMG-20191005-WA0029මීගමුව , දූව පිටිපන ලෙල්ලමේ වැසිකිළිය ගැන සටහනක් තැබීමට අදහස් වූයේ එහි පවතින අපිරිසිදුකමත් , අබලන්වූ තත්වයත් නිසාය.
මෙම වැසිකිළිය සහ අවට බැලූවිට කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ස්ථානයක් බව පෙනේ. මෙම ලෙල්ලම් පරිශ්‍රය දහස් ගනනක් මිනිස්සු ගැවසෙන ස්ථානයකි . මාළු වෙළඳාම් කරන අයට අමතරව ඒවා පටවන සහ බාන අය, මාළු කපන අය ආදී වශයෙන් විශාල පි⁣රිසක් මෙම ස්ථානයේ ගැවසෙති .IMG-20191005-WA0026
ඒනිසා මෙවන් තැනක පිරිසිදුකම සහ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් දිය යුතුය. මෙවැනි තැනක එකී කාරණය සියයට සියයක්ම රැකගැනීම අපහසු බව පැහැදිළිය . නමුත් අවම මට්ටමකින් හෝ තත්වය පාලනය කර ගැනීම අත්‍යාවශ්‍යවේ. විශේෂයෙන් වැසිකිළිය වැනි තැනක නිසි නඩත්තුවක් නොතිබීම රෝග වලට අතවැනීමක් බව කිවයුතුය.IMG-20191005-WA0024
මෙම ලෙල්ලම පරිපාලනය වන්නේ පිටිපන මීසමට අයත්  දූව පිටිපන පරිපාලන කමිටුවකින්ය. ඒ බව එහි ඇති දැන්වීම් පුවරුවක්ද් එහි වෙයි .
ඒනිසා ඒ අනුව මෙහි ආදායම් වියදම් පිළිබඳව මෙන්ම මෙම ලෙල්ලමේ පිරිසිදුකම පිළිබඳව අවධානයක් දී කටයුතු කිරීමට යුතුකමක් සහ වගකීමක් ඔවුන්ට ඇත.
වැසිකිළියේ දොර ගැලවී ඇත. අබලන්ව ගිය සහ අපිරිසිදු වැසිකිළි පෝච්චිය නිසා මෙහි දර්ශනය ප්‍රියතාවයක් නැත . ඒ නිසා වගකිවයුතු අය මෙම තත්වය ගැන අවධානයදී ඊට විසඳුමක් ලබාදිය යුතුව ඇත .