දූ⁣ව ගමේ කඩොලාන විනාශ කළ පුද්ගලයන් නිදැල්ලේ…

0
93

received_336700814094780received_985647951946002මීගමුව දූව ගම්මානයේ කඩොලාන විශාල ප්‍රදේශයක් කපා විනාශ කිරිමක් දැක්වෙන ඡායාරුප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය වලට මුදාහැර තිබේ.වාර්තා වන අන්දමට මෙසේ කඩොලාක කපා විනාශ කර ඇත්තේ මැදියම් රැයකය.එයට මුලිකත්වය ගෙන ඇති පිරිසේ අයෙකු මීට පෙර කඩොලාන කැපිමට අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වි රු 25000 ක දඩයක් ගෙවා ඇති අයෙකුද වෙයි. මේ පිරිස කඩොලාන කපා ඒවා කරතබාගෙන යන අයුරු පිලිබදව සාක්ෂිද සහිත බව ප්‍රදේශවාසිහු පවසති.කෙසේ වෙතත් මේ පිලිබදව වෙරළ සංරක්ෂණ නිළධාරින්ද ඇතුලව අනෙකුත් සැම මුනිවත රකින බවටද බරපතල චෝදනාවක් මේ වන විට එල්ල වි තිබේ.මෙම කඩොලාන කැපිම පිටුපස තවත් දැවැන්ත පරිසර විනාශයක් හා බැඳුන කුමන්ත්‍රණයක් තිබිය හැකි බවද ප්‍රදේශවාසිහු කියා සිටිති.