දෙපා ඇල රක්ෂිතයේ තවත් අනවසර ඉදිකිරිමක් ? නාගරික ඉජිනේරුවරයා බුදි !

0
73
දළුපතදි දැනට ඉදිවෙමින් ඇති අනවසර ඉදිකිරිමක්

දෙපා ඇල  අයහපත් කාලගුණ තත්වයන් යටතේ ඒ අවට ජනයාට බරපතල ආපදා තත්වයන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ.
එපමණක් නොව නිරන්තරයෙන්ම මේ දෙපා ඇල පිරිසිදු කිරිම සදහාද විශාල වියදමක් නගර සභාව විසින් දැනට දරමින් තිබේ.
තතු මෙසේ තිබියදි දෙපා ඇල රක්ෂිතයේ දළුපත ප්‍රදේශයේ මේ වන විට ඉදිකිරිමක් සිදුවෙමින් පවතින බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවරයා කියා සිටියේ තමන් කිසිවක් ඒ  ගැන නොදන්නා බවත් දැනට දෙපා ඇල පිරිසිදුකරමින් තිබෙන බවත් එවිට මේ ගැනද දැනගැනිමට හැකිබවය.

නගරයේ සිදුවන අනවසර ඉදිකිරිම් පිළිබදව ආදලා රාජ්‍ය නිළධාරියාගේ ප්‍රතිචාරය මෙය නම් මිගමුවේ අනවසර ඉදිකිරිම් වල ජාතික රාජධානිය වන බව නිසැකය.
ප්‍රමිතියකින් තොර ඉදිකිරිම් සිදුවන්නේද ඒවා කඩන් වැටෙන්නේත්  යළිත් කිසිදු දඩුවම්ක නැතිවම ඒ වා නැවත ඉදිකෙරෙන්නේත් මේවැනි නිළධාරින් මිගමුවේ සිටින නිසාය.
දළුපත ඉන්ධන පිරවුම් හල අසල දෙපා අැල හරි මැද්දේම කලකට ඉහතදි කොන්ක්‍රිට් දැමු ඉදිකිරිමක් විය . මෙවැනි බරපතල නීතිවිරෝධි ක්‍රියාවලට ව්‍යාපාරිකයන් පෙළඹෙන්නේ මිගමුවේ නිළධාරින් ලවා මෙවැනි අනිතික ක්‍රියාකරගන්නට හැකි ඔවුන්ටද දැඩි විශ්වාසයක් පවතින නිසාය.කොච්චිකඩේදි පසුගිය පලාත් පාලන මැතිවරණය පැවැත්වු 2011 ඔක් 11 වෙනිදා සිතියම් ගත ඇලක් පවා වෙනස් කර ඒ මත හෝටලයක් ඉදිකිරිමට හැකිව තිබුනේද මේ මෙතරම් වංචනික නිළධාරින් මිගමුවේත් කටානේත් සිටින නිසාය.
මීගමුවට හිගන්නන් එන්නේ තමන්ගේ බත් පත කවදාවත් වරදින්නේ නැතැයි ඔවුන් දන්නා නිසාය. රාජ්‍ය නිළධාරින්ට මෙය එලෙසින්ම ආදලය .එනම් මිගමුවට පැමිණි පසු පිඩියට අමතරව ජාරාකෑම ගැන කිසිදු බියක් ඇතිකර ගතයුතු නැති නිසාය.

දෙපා ඇල කාණුව
දළුපත ඉන්ධන පිරවුම් හල අසල දැන් කලකට ඉහතදි ඇරඹු ඉදිකිරිමක්