දෙමළ ප්‍රජාවේ අභිලාෂයන් ලංකා රජය තේරුම් ගනියිද ?

0
82

mahinda-rajapaksa-at-hyderabad-house_05b80ad0-4a54-11ea-b9ea-c2a424b98379

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අගමැති මහින්ද රාජපක්ෂ අතර පැවැති පුළුල් සාකච්ඡාවලදී  ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානය දිනාගත් පුවතක් බවට පත්ව තිබුනේ දිවයිනේ දෙමළ ප්‍රජාවේ අභිලාෂයන් ශ්‍රී ලංකා රජය විසින් අවබෝධ කර ගනු ඇතැයි යනුවෙන් ඉන්දිය අගමැතිවරයා කර තිබුණ ප්‍රකාශයය
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති අතර සාමය හා සංවර්ධනය සඳහා වන ගමනට අඛණ්ඩව සහාය වනු ඇතැයි මෝඩි අගමැතිවරයා පවසන්නට යෙදුණි.

දිගු කලක් තිස්සේ පැවති දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෝඩි කියා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිළිබඳ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් අවබෝධ කර ගනු ඇති බවයි.
ඉන්දිය අගමැතිවරයා දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන කරන ප්‍රකාශය ලාංකික සංදර්භය තුල වඩාත් කතා බහට බදුන් කළ යුතුව ඇත්තේ පසුගිය නිදහස් දිනය දවසේ ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කිරිමට පවා රාජපක්ෂ රජය අකැමැත්ත පළකිරිමේ කරුණුද පසුබිමේ තබාගෙනය.
අගැමති මෝඩි විසින් කරන්නට යෙදුන දමිල ජනයාගේ අභිලාෂයන් ගැන සදහන් දමිල දේශපාලකයන්ගේ රැසකගේද අවධානයට යොමුව තිබුණ අතර දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්තිරන් මන්ත්‍රිවරයා ඒ පිලිබදව සිය මුහුණු පොතේද සටහනක් තබා තිබුණි .

.