දෙවන කොරෝනා රැල්ලක් අභියස පිස්සු කෙලින දේශපාලකයෝ ?

0
71

නිමල් 10රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉතා පැහැදිලිව අනතුරු ඇගවු පරිද්දෙන් රට දැන් දෙවන කොරෝනා රැල්ලක් අබියසට පැමිණ තිබේ. පැය 24 ක් තුල ආසාදිතයන් 252 කි.
ඒ අය ඇසුරු කළ පිරිස් සහ ආගිය තැන්වලින් තවත් කිදෙනෙකු හමුවනු ඇතිද යන්නම තවත් බියකරු පුවතක් වනු නොඅනුමානය.
තතු එසේව තිබියදි මැතිවරණයක් හමුවේ කිසිදු විනයකින් තොරව ජනයා පවා අනතුරේ හෙළමින් පිස්සු කෙලින තත්වයට අති බහුතරයක් දේශපාලකයන් පත්ව සිටිති.
නිමල් ලංසා මේ අතර පෙරමුණේ සිටින්නේ ඔහු ජනපති ගෝඨාභයව පවා හෑල්ලු කරමින් සිය ෆේස් පිටුවේ සෞඛ්‍යාණුකුලව මැතිවරණය කරනවා යැයි කියමින් මැතිවරණ ප්‍රචාරයක කටයුතුවලදි කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නොගෙන තිබිම නිසාය.
සැබැවින්ම රට බියකරු අනතුරුක් අභිමුව තිබියදි ලංසා වැනි දේශපාලකයන් හැසිරෙන්නේ පිස්සන්ට හැතැක්ම නැති ගානටය.
මුුහුණු ආවරණයක් පවා ගැනිමට මුදල් නැති මුහුණු ආවරණ නොපැළද සිටින දුප්පතුන් පස්සේ පන්නන පොලිසියට පවා ලංසා වැනි වුන් පෙන්නේ නැත.