දෙව්මැදුරු භූමියට එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය

0
172

ඊයේ දවස පුරාම වැල්ලවිදියේ ධීවරයෝ දෙව්මැදුරු භූමියට වි සිටියේ  කොළඹදි සිය නියෝජිතයින් විසින් සිදුකරගෙන යමින් තිබුණ සාකච්ඡා තමන්ගේ අනාගත ඉරණම කුමන ආකාරයකින් විසදාවිදෝයි කියාය.

ලැබෙන පිළිතුරට තමන් සෑහිමකට පත්නොවන්නේ නම් පෙරළා ඊට එරෙහිවන්නට මේ සියල්ලෝ සුදානමින් සිටියහ. කල් වේලා ගතවන විට අවට ගම්වලින්ද වැල්ලවිදිය දේවස්ථානයට සෙනග එක්රොක් වෙමින් සිටියහ.

ඇදහැලුන දාරානිපාත වැසි පවා නොතකා මේ අය පැමිණ තිබුණි.මේ අතර පොලිස් විශේෂ කැරලි මර්ධණ ඒකකයේ පිරිසක්ද ට්‍රක් රථයකින් පැමිණ රවුමක් ගසා පසුව පිස්කල් හංදියේ සිට කෙලින්ම වැල්ලවිදිය දෙව්මැදුර දෙසට පැමිණෙමින් සිට අතර මග නැවති කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණි. ඉන් කුපිත වු ජනයා අතට හසු වු දෑ රැගෙන කැරලි මර්ධන ඒකකයේ නිළධාරින් හඹා ගියෝය.

තමන් පසු පසින් පැමිණෙන දහස් ගණන් ජනයාට බියෙන්  මේ නිළධාරින් සියල්ලෝම හිස් ලු ලු අත පලා ගොස් තිබුණි.