දෙවෙනි කොරෝනා මරණය ගම්පහින් වාර්තාවේ

0
483

 

රෝග තත්ත්වයක් මත  ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

යක්කලට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටි  63 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇත.

දේහය පිළිබඳ පරීක්ෂණයේදී කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් මිය ගිය බවට , රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව මගින් තහවුරු කොට ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් , ගම්පහ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ මහතා පැවසු බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මියගිය තැනැත්තියගේ දේහය , ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන කසගහවත්ත ආදාහනාගාරයේදී ආරක්ෂක විධිවිධාන සහිතව ආදාහනය කිරීමට පියවර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ‌දින කිහිපයකට පෙර මහනුවර මහරෝහලෙන්ද කොරෝනා මණයක් වාර්තා වී තිබුණ අතර ගම්පහින් වාර්තා වි ඇත්තේ ලංකාවේ මෑතකදි සිදුවු දෙවනි  කොරෝනා ආසාදිත මරණයයි