මීගමුව සියළු ආගම් සහ ජාතින් එකට ජිවත්වන දේදුණු නගරයකි.එහි වෙසෙන සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙක් කතාකරන්නේ දමිල බසයි.
ඒ නගරයේ අද තෛයිපොංගල් උත්සවය සමරනු ලැබිය.
මිනිස් දිවියට අත්‍යාවශ්‍ය වන ආහාර වැඩිමනක්ම ලැඛෙන්නේ කෘෂිකර්මාන්තය හෙවත් ගොවිතැනෙනි. මිනිසාට ගොවිතැන් කිරීමට ප්‍රධාන ලෙස මහෝපකාරී වන සුර්්‍යයා නොහොත් හිරු දෙවි නැමදීම තෛයිපොංගල් උත්සවයේ ප්‍රධානතම ආගමීක චාරිත්‍රය මෙන්ම ප්‍රධානතම කාර්යය භාර්‍යය වේ. තෛයි නැමැති අදින් ඇරඹෙන නව කාලවකවානුව හින්දු බැතිමතුන්ට විශේෂිත නව වසරක ආරම්භයක් වැනිය.
සෑම අප්‍රෙල් මාසයකම සමරනු ලබන සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද මෙන්ම අදින් ඇරඹෙන නව කාලවකවානුව තුලද පෙර ගෙවී ගිය කාලවකවානුව මෙන් තමන්ගේ ගොවිතැන් කටයුතු සශ්‍රිකත්වයට පත් කර දෙන ලෙස ඉල්ලා හින්දු බැතිමතුන් අද දිනයේ දෙවියන් නමදිති.
එලෙසම අදින් ඇරඹෙන නව කාලවකවානුව තුල නිරෝගීභාවය, ආර්ථීක දියුණුව, සාමය, සමගිය ඇති වී ස්වභාවික අපල උපද්‍රව වලින් තොර කාලවකවානුවක් උදාවේවා යි යන සාමුහික ප්‍රාර්ථනය හින්දු බැතිමතුන් විසින් අද දිනයේ විශේෂිත ආගමීක වතාවන් වලදී ප්‍රාර්ථනා කරනු ලබයි.
මීගමුව නගරයේ වසර 100 කටත් වඩා ඉපැරණි වැල්ලවිදිය ශ්‍රී මුත්තු මාරී අම්මාන් කෝවිලට ද එලෙසම වැල්ලවීදියේ ශ්‍රි සිත්ති විනායාගර් කෝවිලටද අද දිනයේ අති විශාල ද්‍රවිඩ හින්දු බැතිමතුන් මෙන්ම විශේෂයෙන් සිංහල-බෞද්ධ සහ සිංහල-කතෝලික බැතිමතුන් රැසක්ද පැමිණ සිටිනු දක්නට ලැබිණි.
තවද මීගමුව , කාමච්චෝඩේ ශ්‍රි කාමාච්චි අම්මාන් කෝවිලේ සහ තලාදුව පාරේ ශ්‍රි කරුමාරී අම්මාන් කොවිලේද අද උදෑසන හිරු උදාවත් සමඟග විශේෂ තෛයිපොංගල් පුජාවන් පැවැත්වුණු අතර හින්දු බැතිමතුන් රාශියක් එම විශේෂ පුජාවන් සඳහා සහභාගි වුහ. මෙම පුජාවන් වලදී අළුත් සහල් ගෙන කිරි උතුරවා පැණි මිශ්‍ර කර සාදන නැවුම් කිරි බතින් ( පොන්ගල් බත් ) හින්දු බැතිමතුන් හිරු දෙවි වන්දනාව ආරම්භ කල අතර තෛයිපෝංගල් දිනයට සමගාමීව ආනාදිමත් කාලයක සිට පැවත එන පරිදි ගොවිතැනට ඛෙහෙවින්ම මහෝපකාරී වන ගවයන්ට පුද පුජා පැවැත්වීම හෙට දවසේ සිදු කිරීමට නියමිත තවත් ප්‍රධාන තෛයිපොංන්ගල් ආගමීක චාරිත්‍රයකි.