දේවානිලා සහ මිගමු විපක්ෂයේ මන්ත්‍රි බබාලා?

0
47

NGB MC 2කලපුවත් කඩොලානත් බරපතල තර්ජනයකට මුහුණ පා ඇති මොහොතක අත් නොහැර සටන් කළ නිළධාරිණියක් හා සසදන කළ මිගමුවේ බහුතරයක් විපක්ෂ මන්ත්‍රිලා සැබැවින්ම ආණ්ඩුවේ පක්ෂයේ කිකරු ගෝලයන්ම පමණි.
ඒ මන්දයත් සැබැවින්ම විපක්ෂය විසින් මතුකළ යුතුව තිබුණු එහෙත් කිසිවිටකත් මතුනොකළ කඩොලාන විනාශය  ගැන දේවානිලා හමුවේ දැන් කටඋත්තර නැතිවාට සැක නැත.
පරිසරය නසන අයත් සමගින් හාද වෙලා යමන් පනේ කියන ගානට වැටි ඇති විපක්ෂ මන්ත්‍රිලා හා අයියා මල්ලි ප්‍රේමය යසට දැන් නම් පදම් වි තිබේ.මේ අරභයා එජාපයට පමණක් නොව ජවිපෙ මන්ත්‍රිලාටද කිසිදු සමාවක් නැත. මන්ද මිගමුවේ ජවිපෙ මන්ත්‍රිලාද මේවැනි ප්‍රශ්ණ හමුවේ බබාලාම පමණක් විම නිසාය.දැනට රට පුරාම සංවාදයකට පත්ව ඇති මේ සෙල්ලම් පිට්ටනි කථාව කරලියට එන්නේ දින 52 කුමන්ත්‍රණ කාලය තුලදිය. එහෙත් එජාපයේ හෝ ජවිපෙ කිසිවෙකුත් මේ ගැන විමසිලිමත් වුවාදැයි සැබැවින්ම සැක සහිතය.