දේශපාලකයන් මඟහරිද්දි ! හදවත් ඇති මිනිස්සුන් පෙරට ….

0
141

අල් අම්රා හෝටලයේ අධිපතිතුමා

ඇද හැලුන ධාරණිපාත මහවැසි මැද මිගමුවේ ප්‍රදේශ ගණනාවකම ජනයා මහත් පිඩාවට පත්ව සිටිති.
මේ නිවාස බොහොමයක් ජලයෙන් යටවන්නට පටන් ගෙන තිබුනේ පෙරේදා රාත්‍රි කාලයේ සිටය.
මිගමුව තුල වැඩිම දෙනෙකු මෙසේ බරපතල ලෙසින් මේ තත්වය මුහුණ දි තිබුනේ ගෝමස්වත්ත, දෙණියවත්ත ඇතුලු ඒ අවට ප්‍රදේශවලය.
මේ ජනයා හමුවිමට ඊයේ දිනයේ ගොස් තිබුණ මාධ්‍යවේදින් අමතා මේ ජනයා කියා තිබුනේ තමන් පත්ව ඇති තත්වය අඩුම තරමින් සොයා බැලිමට කිසිදු දේශපාලකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු පැමිණියේ නැති බවය.
තතු එසේව තිබියදි මිගමුව පෙරියමුල්ලේ අල් අම්රා හිමිකරුගේ මුලිකත්වයෙන් තවත් සිය ගණනක් වු තරුණයන්ගේ පංගුකාරිත්වයෙන් යුතුව අද දිනයේ කෑම පාර්සල් 4000 ක් පිළියෙල කොට තිබුණි.
මේ කෑම පාර්සල් පෙරියමුල්ල දළුපත අවට ,පළගතුරේ සහ නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශවලට බෙදා හැරිමට ඔවුන් අද කටයුතු කර තිබුණි
ඡායා – එම් .ඉසෙඩ් සහජාන්