දේශපාලන ඉතිහාසයේ අසරණතම භාවයට පත්ව උසුළු විසුලු මැද රාජපක්ෂ පාර්ලිමේන්තුවේන් පිටව යයි !

0
86

FB_IMG_1542193818381අද පැවැති පාර්ලිමේන්තුව රටේත ලෝකයෙත් මහත්සේ අවධානට පත්වුවකි. ඒ රාජ්‍ය නායයpෙකු විසින් තම රාජ්‍යයට එරෙහිව දියත් කරන්නට යෙදුන කුමන්ත්‍රණය අධිකරණයේදි ඊයේ දිනයේ පරාජයට පත් කිරිමෙන් පසුව අදට නියමිතව තිබුනේ එය පාර්ලිමේන්තුව තුලදි පරාජයට පත් කිරිමටය.
මේ පිළිබදව අද පාර්ලිමේන්තුවේ පැවැත්වණ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දැක්වූයේ මෙහවන් අදහසකි.

” කතානායකතුමා පාර්ලිමේන්තු ගෞරවය ආරක්ෂා කර ගැනිමට විශාල උත්සාහයක් ගත්තා. මෛත්‍රී – මහින්ද පිළේ හෘද සාක්ෂියක් ඇති මන්ත්‍රිවරු ආවා. අපි අවස්ථා දෙකකදී රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දුන්නා.  ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක් එල්ල වන ඕනෑම අවස්ථාකදී එයට විරුද්ධව පෙනී සිටීමට කටයුතු කරනවා.

පක්ෂ විතරක් නෙමෙයි ජනතාවත් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු නොවිය යුතුයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්ෂ මහතාටත්, කැබිනට් මණ්ඩලයටත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන්.

රාජපක්ෂ – මෛත්‍රීට බහුතරය තිබුණානම් ස්ථාවර නියෝග අත්හිටුවීමේ නියෝග සම්මත වීම වැළැක්වීමට ඡන්දය ලබාදීමට නියමිතව තිබුණා. විශ්වාසභංග යෝජනාවට විවාදයක් පැවැත්වීමට ඉඩ තිබුණා. කුමන්ත්‍රණකරුවන් හැමදාම කළේ පාර්ලිමේන්තු වැඩකටයුතු අඩපණ කිරීමට කටයුතු කිරීමයි.

එහිදි අපි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ බලාගෙන සිටියානම් මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කරුණු කීමට තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකරුවන්ගේ දැලට යටත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණ උවමනාවට මහින්ද රාජපක්ෂ මහතා බිලි බා ගත්තා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ඉතිහාසයේ අසරණතම භාවයට අද පාර්ලිමේන්තුවේන් පිටත්ව ගියා. 1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස සභාවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා උසුලු විසුලු මධ්‍යයේ සභාවෙන් පිටත්ව ගියා.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්ම්ත වුණා. තවත් ඒ ගැන සැකයක් තිබෙනවානම් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සන් සහිත ලියවිල්ලක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නා.  අවම වශයෙන් ලැජ්ජාවක් තිබෙනවානම් ඉල්ලා අස්විය යුතුයි. යෝජනාව අනුව ඉල්ලා අස්වෙන්න ඕන නෑ. පැරදිලා ඉවරයි.

රට මේ වන විට අස්ථාවරත්වයේ ඉදිරියටම පැමිණ තිබෙනවා. මේ රනිල් – මෛත්‍රී පෞද්ගලික ගැටුමට ජනතාව වග කියන්න ඕන නෑ. “.
මුලාශ්‍රය – ada.lk