දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් කොටුවේ උද්ඝෝෂණ..

0
82

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව සුදානම් නොවුණත් මිනීමරුවන් මුදාහැරීමට සුදානමින් සිටින බව ඔහු, ඊයේ (23) පස්වරුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවට සහභාගී වෙමින්  පැවසීය.

‘රණවිරුවන්’ බව පවසමින් අපරාධ සිදු කළ තැනැත්තන්ට නිදහස ලබා දීමට හැකි වුවද දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි වික්‍රමබාහු මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වුවන් පිලිබඳ සාධාරණ යුක්තිය ඉටු කිරීම, යුධ සමයේ හමුදා භාරයට ගත් ඉඩම් යළි සිවිල් ජනතාව වෙත භාර දීම යන ඉල්ලීම් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවේදී මියගිය අය සිහිපත් කර ගිනිසිලු දල්වමින් විරෝධතාකරුවන් තම විරෝධය පළ කළේය.

Political_p_1

Political_p_2

Political_p_3

Political_p_4

Political_p_5

Political_p_6

Political_p_7

Political_p_8

Political_p_9

Political_p_10

උපුටාගැනීම – http://sathhanda.lk