මීට දින කිපයකට ඉහතදි ඉතාලියේ වෙරෝනා නුවරදි ඉතා අවාසනාවන්ත ලෙසින් මිය ගොස් තිබුණ ධනුක දේහය අද සවස ඔහුගේ උපන් ගමවු වෙන්නප්පුවේදි මිහිදන් කිරිමට නියමිතව ඇත.
ධනුකගේ මරණය මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ සිය පෙම්වතිය හා වු උරණවිමෙන් පසු වෙරෝනාහි ගගකට පැණිමෙන් මේ මරණය සිදුව ඇති බවකි.කෙසේ වෙතත් මේ වන විට වාර්තා වෙමින් ඇති තොරතුරුවලට අනුව මේ මරණය සම්බන්ධයෙන් විවිධ සැක මතුවෙමින් ඇති බවත් ඉතාලි පොලිසිය ඒ පිළිබදව පුලුල් පරික්ෂණයක් සිදුකරමින් සිටින බවත් දැනගන්නට තිබේ.