ධීවර ජීවිත මුහුදට බිළිවී මාස එකහමාරත් පසු කරයි – තවමත් තොරතුරක් නෑ

0
60
senuri boat peoples

පසුගිය නොවැම්බර් 15 වනදා මීගමුවෙන් මුහුදට ගොස්  ජීවිත  4ක්  සමඟ   මුහුදේදී අතුරුදහන්වු  ‘සෙනුරි’   බෝට්ටුව  පිළිබඳව   තවමත්  කිසිදු  තොරතුරක්  ලැබී නැති බව  මීගමුව  සහකාර  ධීවර  අධ්‍යක්ෂක  බණ්ඩාර  මහතා පවසයි.  එම ධීවර  පවුල්  වෙනුවෙන්  සහනාධාර  සඳහා  අවශ්‍ය  සියළු  තොරතුරු  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයට  සපයා  ඇති බවත් ඔහු තවදුරටත් පවසන ලදී.

senuri boat peoples
senuri boat peoples

සෙනුරි  බෝට්ටුවේ  ගමන්කළ  එක් ධීවරයකු වු අජිත් කුමාර  ගේ   බිරිඳවු   පිළමිනා  (අවුරුදු 48 ) ප්‍රකාශ   ක‍ළේ මෙවන් අදහසකි.
”මමයි  දුවයි  බෑනයි  ළමයි 2යි මේ ගෙදර තමයි ඉන්නේ. එයා ගියාට පස්සෙ  අපි එක පාරයි  ධීවර කාර්යාලයට ගියේ. අපිට  රු.1200ක බඩු  මල්ලක්   ලැබුණා.  වෙන දෙයක් නම් ලැබුනේ නෑ. අපිට  මොනව  ලැබුනත්  වැඩක් නෑ  අපේ  මනුස්සය  එනකන්. අපි   තවම  මඟ  බලාගෙන  ඉන්නවා.  ”
මීගමුව ධිවර කාර්යාලයේ  සහ ධීවර අමාත්‍යාංශයේ බලධාරීන්  මේ කෙරෙහි අවධානය යොමු කරතැයි  ඔවුන් තුළ  යම් බලාපොරොත්තුවක් පවතී.
ඒ නිසා දුප්පත් ජීවිත ගතකරන  මේ මිනිස්සු පිළිබඳව  සානුකම්පිතව  බලා යම් පියවරක් ගැනීම අත්‍යඅවශ්‍ය බව  අපගේ  අදහසයි.