නගරධිපතිතුමා දැන් මොකද වෙන්නේ යැයි අප විසින් පසුගිය ජුනි 29 වනදා ඇසු විට ඔහු කියා සිටියේ ලොකු කුරුසයක් බිම තබා තමන්ගේ සිහිනයක් පමණක් සැබෑකරගෙන සතුටින් ගෙදර යන බවය.
ඔහු තමන්ගේ සිහිනය යැයි කියා සිටියේ මීගමුව මහනගර සභා භුමියේ රු ලක්ෂ 1600 ක් වැය කරමින් ඉදිකරන්නට පටන්ගෙන ඇති පුස්තකාල සංකිර්ණය ගැනය.
එවන් සිහින ඇන්ටනි ජයවීර වැනි සාමාන්‍ය පවුලකින් පැවත දශක 3 ක් දේශපාලනයේ නිරතව සිටි අයෙකු වෙත තිබිම අපට තේරුම් ගත හැක.
ඔහු ඇත්තටම මීගමුවේ සිටින ජේෂ්ඨ දේශපාලකයෙකි.
එහෙත් ඒ හා බැදුන තවත් කථා සහ ගණුදෙනු ගැන අප මොහොතේ සටහන් නොකරමු.
ඇන්ටනි ජයවීර මීගමුව මහනගර සභාවෙන් නික්ම යන්නේ ඉතිහාසයේ කිසිදිනක නගර සභා පාලන සමය තුලදි පැවතියේ නැති බරපතල කළු පැල්ලම් රැසක්ද ඉතිරි කොට බව ඔහුට පසුගිය ජුනි 29 වනදා අමතක වන්නට ඇත.
විපක්ෂ මන්ත්‍රිවරුන්ට කුණු බිත්තර ගහපු ,වාහන වල හුලං ඇරපු පමණක් නොව මහනගර සභා රැස්විම පැවැත්වෙන දිනයේ සේවා වැඩමුරයක සිටින සේවකයෙකු විසින් මාධ්‍යවේදිකයෙකුට අංක තහඩු නැති යතුරු පැදියකින් පැමිණ පොල්ලකින් පහරදි වැනි සිදුවිම් මීගමුව මහනගර සභා ඉතිහාසය තුල කිසිදු කාලයක සිදුව නැත.යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ල කරන ලද පලමු ප්‍රහාරය එල්ලවුයේද අැන්ටනි ජයවීරගේ නගර පාලන කාලය තුල යැයි දැන් ඉතිහාසයට එක්වි හමාරය.
බල්ලන් සමගින් ලැග්ග විට නැගිටින්නට වන්නේ මැක්කෝ පිහිදදා බව තේරුම් ගන්නට තරම් දේශපාලන ඥාානයක් පසුගිය දශක 3 ක කාලය තුල හිමිකරගන්නට ජයවීරට නොහැකි විම යනු ඔහුගේ අභාග්‍යයකි.
ජේෂ්ඨ දේශපාලනඥයෙකු සේ ඔහුට බොහෝ හොද වැඩ රැසක් ඉටුකොට අභිමානයක් සහිත නගරාධිපතිවරයෙකු ලෙසින් සිය ධුරයෙන් සමුගන්නට බොහෝ හැකියාව තිබුණි.
එහෙත් ඔහු ඒ ගැන අවධානයක් යොමුකළ බවක් නොපෙනුනි.
අපට නම් ඔහු හිතහොද මිතුරෙකි.
එහෙත් ඔහුට සිය දශක 3 ක දේශපාලන ඉතිහාසයට සාධාරණයක් කරන්නට තරම් වන සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන්නට හැකිවුණිදැයි ඔහුම සිතා බැලිය යුතුය.