නගර සභාවේ අදායම් ගසා කන මන්ත්‍රිලාගේ මීගමුවේ පෙට්ටි කඩ ?

0
970

12මීගමුව අගදරගුරු නික්ලස් මාවතේ පසුගිය කාලය තුල සීඝ්‍රයෙන් ඉදිවෙමින් තිබෙන කුඩා පෙට්ටි කඩ පිළිබදව මැයි 06 වනදා පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ මතු කළේය.
ඔහු කියා සිටියේ අගරදගුරු නික්ලස් මාවතේ තැන තැන මෙවැනි අනවසර ඉදිකිරිම් 40 ක් පමණ ඇති බවය.
මේ නිතිවිරෝධි කඩ මෙසේ ඉදිකිරිම වහා නවතා දමා විධිමත් වැඩපිළිවෙලක් ඊට සකසා එවායේ ආදායම නගර සභාවට ලැබෙන ලෙසට කටයුතු කරන  ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
දැනට නගරය තුල මෙසේ ඉදිවෙමින් ඇති පෙට්ටි කඩ ගණුදෙනු පිටුපස නාගරික මන්ත්‍රිලා සිටින බව අද ප්‍රසිද්ධ රහසකි.
තමන්ගේ ආධාරකරුවන්ට මේ කඩ ලබාදි මුදල් ලාබාගෙන ඇති බවද සැලය.3