විපක්ෂයෙන් ගෙනා යෝජනාව නගාරාධිපතිගේ ඡන්දය නිසා පරදී.

0
80

ANTON  jAYAWEERAමීගමුෙව් හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් නොවැම්බර් 07 වෙනිදා පැවැති මහ සභාවට ඉතාමත් වැදගත් යෝජනාවක් ගෙන විත් තිබුණි.එනම් නගර සභාවට අයත් කඩ සහ සහ අනෙකුත් දේපල කුලියට හෝ බදු දිමේදි ඒවායින් ලැබිය යුතු නිසි අාදායම් නොලැබිම සම්බන්ධයෙනි.
මේ පිළිබදව ඊයේ දිර්ඝ කරුණු දැක්විමක නිරතවු රොයිස් විජිත මන්ත්‍රිවරයා සදහන් කර තිබුෙන් දේශපාලන මැදිහත්විම් සහ නිළධාරින්ගේද අකාර්යක්ෂමතා නිසා මෙසේ විශාල ආදයමක් නගර සභාවට අහිමිව යන බවය.
මේ පිලිබදව විවාදයෙන් පසුව පැවැති ඡන්ද විමසීමේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි විනිසියස් මහතාද විපක්ෂයේ යෝජනාවට පක්ෂ වි තිබුණි.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ රෙමෝනා ලංසා මහත්මිය සහ බන්දුල නාඔටුන්න මහතා ඡන්දයෙන් දිමෙන් වැලකි සිට ඇත.
මේ පසුබිම යටතේ යෝජනාවට පක්ෂව මෙන්ම විපක්ෂවද ඡන්ද 9 බැගින් ලැබි තිබුණ අතර නගරාධිපති ඇන්ටනි ජයවීර විසින් යෝජනාවට  විපක්ෂව ජන්දය දෙමින් එය පරාජයට පත්කර තිබු බව වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here