නගර සභාවේ කුලි රථ බිල ඉහල යන්නේ මන්ත්‍රිලාගේ සවාරි නිසාද?

0
88

vanමීගමුව මහනගර සභාවේ සේවයට යොදා ඇති කුලී රථයේ මාසික බිල ඉහල යන්නේ ඇයි ද යන ප්‍රශ්ණය මේ දිනවල කථා බහට ලක් ව තිබේ.
වාර්ථා වන අන්දමට මේ වාහනය වැඩිපුරම භාවිතා වන්නේ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ ගමන් බිමන් වලටය.
එවායිනුත් වැඩි හරියක් පුද්ගලික ගමන් බිමන් යැයි කියැවේ.
පසුගිය දිනවල වෙසක් සිරි නරඹන්නට දුර ගමන් සදහා මේ වාහනය යොදාෙගන තිබුනේ ද  යන්න පිළිබදව අප මීගමුව නගර සභාවේ රථවාහන අංශය භාර නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහ පවසා සිටියේ  සියළු වාහන නිකුත් කරනු ලබන්නේ නගරාධිපතිවරයාෙග් ගේට් පාස් එකක් තිබුනොත් පමණක් බවය.
මේ පිලිබදව හෙට දිනයේ විමසා බලා අපට පිළිතුරු දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.