නගර සභාවේ සීසීටීවී කැමරා දර්ශන පොලීසියට

0
60

මිපුර වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ  ප්‍රෙඩී ගමගේ මහතාට සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ සිදුකරන නගර සභා සංකීර්ණයේ ඇති සීසීටීවී  කැමරා දර්ශන ඊයේ පොලීසිය වෙත ලබාදෙන ලදී. ඔහුට පහරදීම සඳහා ඊයේ (02) වනදා මහ නගර සභා භූමියට පැමිණ සිටි හෙල්මට් පැමිණ සිටි නාඳුනන පුද්ගලයන් දෙදෙනා පැමිණි යතුරු පැදිය අංක තහඩු නොතිබූ බව එම ස්ථානයේ සිටි පුද්ගලයන් පවසති. එමෙන්ම නගර සභා රැස්වීම අතරතුරදී එහි ගැලරියේ සිටි පුද්ගලයෙකු තමා දෙස විමසිල්ලෙන් සිටි බව ප්‍රෙඩී ගමගේ පවසයි.  දැනට රෝහල්ගත කර ඇති ප්‍රෙඩී ගමගේ මහතාට ඊයේ සවස සිට ඔහුට මීගමුව පොලීසිය විසින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ. image