නගරාධිපති පිට අයට එන්නත ගහද්දි ! මිගමුවේ අදත් මරණයක් ?

0
70

රටේ පාලකයන් පිස්සු කෙලින ප්‍රමාණයටත් වඩා වැඩියෙන් මිගමුවේ දේශපාලකයෝ පිස්සු කෙලින්නට පටන් ගෙනය.
ඒ පිස්සුව වෙන කිසිවෙකටවත් නොව ඉදිරි මැතිවරණ වලදි ඡන්ද බලාගෙන මිගමුවේ බදු ගෙවන ජනයාගේ සම්පත් පමණක් නොව මේ වන විට මිනිස් ජිවිත පවා බිලිදෙමින් කරන දැවැන්ත මාෆියාවක් බවට පත්ව තිබේ.
තමන්ගේ දේශපාලන චරිතය උඩදමා ගැනිමට වැඩකරන නුගත් දේශපාලකයන් නිසා මේ වන විට මිගමුවේ ජනයාට සිය ජිවිත වලින්ම වන්දි ගෙවිමට සිදුව තිබේ.
ඊයේ දිනයේ මුන්නක්කරය සිරිවර්ධන පෙදෙසින් මරණයක් වාර්තා වු අතර අද තවත් මරණය ඊට යාබල මංකුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ එක්දරු තරුණ මවකි.
මුන්නක්කරය සිරිවර්ධන පෙදෙසට හෝ මංකුලියට විධිමත් ආකාරයකින් එන්නත ලබාදිමට මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට ( MOH ට ) කිසිදු වැඩපිලිවෙලක් නැත.
ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ කිසිදු අධ්‍යාපනික පරිචයක් නැති මෝඩ උද්දච්ච දේශපාලකයෙකුය

අවදානම් ගම්වලට කරුණු විමසා බලා එන්නත ලබාදෙනවා වෙනුවට නගරාධිපතිවරයා දිනපතා සිය VIP එන්නත් දන්සල ක්‍රියාත්මක කරගැනිමට ඇති පහසුව නිසා මිගමුව මහනගර සභාව තුල දිනපතා එන්නත්කරණය සිදුකිරිමට කටයුතු කරමින් සිටි.සිය පුද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් මේ අමන දේශපාලකයන් එසේ කටයුතු කරද්දි දැන් දිනපතා මිගමුවේ තත්වය අවදානම කරා ගමන් කරමින් තිබේ