නගරාධිපති ,සති දෙකෙන් ඉවත්කරනවා කියූ කඩ තවමත් එතැන ??

0
63

දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක  දිනපතා පොළ සදහා පාවිච්චි කිරීම සදහා ලබාදුන් බදු කාලය අවසන් බැවින් එම බද්ද අලුත් කිරීමටත්  මෙම ස්ථානයේ ඉදිකර ඇති ස්ථීර කඩ ඉවත්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යඅධිකාරීවරයා  විසින් මීගමුව මහ නගර සභාවෙන් ඉල්ලීමක් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් පසුගිය මහ නගර සභාවේදී  සාකච්ඡා වූ අතර මෙම සාකච්ඡාව නගරාධිපතිවරයා අවසන් කරන ලද්දේ සති දෙකක කාලයක් ඇතුළත මෙම කඩ කඩා ඉවත්කරගන්නා බව දැනුම් දීමෙනි. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ වානිජ අධිකාරි යට මෙම ඉඩමේ බදු ගිවිසුම සම්බන්ධයෙනේ කිසිදු ලියවිල්ලක් මේ වනතෙක් යවා ඇති බවට ආරංචියක් නොමැත. එමෙන්ම එම ස්ථානයේ වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයන් ඒ ආකාරයෙන්ම ඒවා පවත්වාගෙන යන අතර ඔවුන් සමග  බදුගිවිසුම් අලුත් කළ බවට ද වාර්තා නොවේ.10984653_872080419481217_1156713571_n