නගරාධිපතිගේ පදයට නටන මිගමුවේ කොමසාරිස්වරියගේ තවත් වැඩක් මාට්ටුවෙයි ..

0
65

NGB-commisionar-1මීගමුවට ඉන්නේ තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියකි. පළාත් පාලන නිති ප්‍රකාරව මිගමු වැනි මහනගර සභාව කොමසාරිස්ධුරයක් දරන්නට ඇයට සුදුසුකම් නැත. ඒ නිසාම මේ වන විට ඇය පරිපාලන සේවයටම නිගා දෙමින් නගරාධිපතිගේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත්ව තිබේ.ඇයගේ පුද්ගලික ප්‍රයෝජන වෙනුවෙන් ඇය මේ වන විට මිගමු දේශපාලන අධිකාරියේ සුරතලියක් බවට පත්වෙමින් නගරාධිපතිගේ අල්ලේ නැටවෙන්නට පටන් ගෙන තිබේ.
මේ පසුබිම යටතේ මිගමුව මහනගර සභාව ලංකාවේ අංක එකේ දුෂිතම මහනගර සභාව බවට පත්ව තිබේ.
කෝටි 18 ක් කුඩු සල්ලි සෙෘඛ්‍ය සේවකයෙකුගේ ගිණුමට එද්දි ඒ සේවයකයා මහජන බදු මුදලින් පඩි ගෙන කිසිදු වැඩක් නොකළ සුපිරි අයෙකු සේ වැජඹුනේද මෙවැනි තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියගේ නොමද ආරක්ෂාව සහ ආවරණය ලැබි තිබුන පසුබිමකය.
මේ වන විට මහනගර සභාවේ මුල්‍ය තත්වය ඉතාමත් අර්බුදයකට පැමිණ තිබේ.
සිය සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වෙනුවෙන් අතදිහගහැර මහජන බදු මුදල් වැය කළ නගරාධිපති මල්ලි අවසානයේ නතර වුයේ මිගමුව මහනගර සභාව සතුව තිබු රු කෝටි 7 ක ස්ථාවර තැන්පතුවද කාබාසිනියා කරමිනි.
පවතින මුල්‍ය අර්බුදය ගැන මහනගර සභාවේ නාගරික මන්ත්‍රි මණ්ඩලය වෙනුවෙන් විශේෂ රැස්විමක් සැප් 24 වෙනිදා කැදවිමට සියළුම දෙනා වෙත නිල ලිපිලබා දි තිබුනේ නාගරික කොමසාරිස්වරියගේ ඇරයුමෙනි.
එහෙත් ඒ රැස්විම අවලංගු කර ඇතැයි පසුගිය 23 වනදා විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙත දුරකථන ඇමතුමක් මගින් දැනුම් දි තිබුණි.
තතු එසේ වුවද අවලංගු කළා යැයි කියා තිබුන මේ රැස්විම ඊයේ දිනයේ පැවැත්වි තිබුනේ නාගරික කොමසාරිස්වරිය හා නගරාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සමගින්ය.
ඉන් කියැවෙන්නේ කුමක්ද මිගමුව මහනගර සභාවෙ පාලනයකින් තොර මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පැන නැගි ඇති අර්බුදය විපක්ෂයෙන් වසැන්ගිමට හිතාමතාම කළ කුමන්ත්‍රණයට ඉතා පැහැදිලි ලෙසින් තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියගේ පුර්ණ සහය ආශිර්වාදය මිගමුව කබාසිනියා කරමින් සිටින දේශපාලන අධිකාරිය වෙත ලැබි තිබිම නොවේද ????
නාගරික කොමසාරිස්වරිය මේ ආකාරයෙන් දේශපාලන අධිකාරියට නැටවිය හැකි රූකඩයක් බවට පත්ව ඇත්තේ ඇය විසින් දැනටමත් ලබාගනිමින් සිටින නිති විරෝධි වරප්‍රසාද රැසක්ද හේතු කොට ගෙනය.
මාසිකව ඇය රු 70000 ක වාහන දිමනාවක් ඇගේ පුද්ගලික මෝටර් රථය වෙනුවෙන් ලබා ගනි . එහෙත් මිගමුව පැමිණි පසු ඇය විසින් සියළු රාජකාරි ගමන් සදහා යොදාගනු ලබන්නේ මහනගර සභාවේ වාහනයයි.
එපමණක නොව මේ වන විට මිගමුව මහනගර සභාවේ ආපන ශාලවද සිය සහෝදරයෙකු වෙත ලබාදිමට ද දේශපාලන අධිකාරියේ සහය ලබාගෙන තිබුණි.
මේ අකාරයෙන් දැන් ඇය සැබැවින් රාජ්‍ය පරිපාලන සේවයට වගකියන අයෙකුට වඩා මිගමුවේ ලංසා පවුලට පමණක් වගකියන අයෙකු බවට පත්ව ඇති සැටි නම් අපුරුය.