නගරාධිපතිගේ පාසිකුඩා බජට් සවාරියේ හෝටල් බිල තවමත් ගෙවා නැතිලු ?

0
280

161127979එජාප මන්ත්‍රිලා පිරිසක්ද සතුටින් පිනා ගිය සවාරියක් විය. ඒ පාසිකුඩා වලටය. එය අප හැදින්වුයේ බජට් සාවාරිය යැයි කියාය.
මන්ද නගරාධිපති දායන් ලංසාට අවැසිව ඇති වැඩිඡන්දෙන් අයවැය දිනවිමේ අල්ලස් ගමන මෙය විම නිසාය.
මේ සවාරියට ජෙට්වින්ග් හෝටල් ජාලයට අයත් හෝටලයක් වෙන් කරලිමට අවැසි කටයුතු කර තිබුණේද මිගමුව එජාපේ හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ මන්ත්‍රිවරයෙකු විසින්මය.
මේ හෝටලයේ බිල වෙනුවෙන් පළමුව ලක්ෂ 2 ක මුදලක් නගාරාධිපති පාර්ශවය විසින් ගෙවා තිබුණද මුළු බිළ ලක්ෂ හතරකට අාසන්න විය.
මේ ඉතිරි මුදල පසුව ගෙවන බවට පොරොන්දුව පැමිණි තිබුණද දින කිපයක් යනතුරුත් එකි මුදල පියවා නොතිබුණි.මේ නිසාම අදාල හෝටලයේ කළමණාකරුට අවස්ථා ගණනාවකදිම මේ ගැන යළි සිහි කැදවිම්ද කිරිමට සිදුව තිබුණි.