නඩු නැති රටට මොට පායයිද සූරියා ?

0
269

ජේ්‍යෂ්ඨ මාධ්‍යව්දී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 3ක් සම්පූර්ණ වන ජනවාරි මාසයේදී  ඔහු සැමරීම හා නීතියේ වත්මන් පාලනය තුළ නීතියේ ආධීපත්‍ය බිදවැටීමේ අභාග්‍යසම්පන්න කාලයට විරෝධය දැක්වීම වෙනුවෙන් නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන සම්මන්‍රණය හෙට ජනවාරි 11 වනදා සවස 4.00 කොළඹ, ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්වේ. ‘නඩු නැති රටට මොට පායයි ද සූරියා‘ තේමාවෙන් පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, සහ නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සාමාජකයින් හා මාධ්‍යෙව්දීන් ප්‍රධාන කතිකයන් වේ.  නිදහසේ වේදිකාව රටේ ක්‍රියාකාරී පියවරක් ආරම්භ කරන ලද්දේ 2009 වසරේ ජනවාරි මාසයේදී සිදුවූ ලසන්ත වික්‍රමසිංහ මාධ්‍යෙව්දියාගේ ඝාතනයත් සමගිනි.  ජීවිතයට ඉඩක් හා භාෂණයට හඩක් යන සටන් පාඨය ඉදිරියට ගනිමින් එම අවස්ථාවේ රටතුළ පැවති මාධ්‍ය මර්ධනයට හා භීෂණයට එරෙහිව සිවිල් සංවිධාන සහ විපක්ෂය සමග එක්ව විරෝධතා රැස්වීම්, උද්ඝෝෂණ සංවිධානය කරන ලදී.