නඩුකාර හාමුදුරුවනේ මේ වලේ වැළලී ඉන්නේ අපේ එවුන් – උද්ඝෝෂණය ජුනි 28 මාතලේ දී

0
185

matale_mass-grave_1මාතලේ සමූහ මිනීවල තුළ සැගවී ඇති සත්‍ය රටට හෙලි කරන ලෙස ඉල්ලා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හා රැස්වීමක් හෙට (28) උදේ මාතලේ නගරයේ දී පවැත් වේ.
මෙම උද්ඝෝෂණය මාතලේ ඔරලෝසු කණුව අසල දී පැවැත්වෙන අතර නගරයේ පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ද ඉන් අනතුරුව පැවැත්වෙන බවත්, එදින සවස්වරුවේ මාතලේ නගරයේ දී මේ සම්බන්ධව සාකච්ඡු කෙරෙන රැස්වීමක් පැවැත්වීමට නියමිත බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සංවිධායක වරියක් වන නිලාශනී ශ්‍රිනිකා මෙනවිය පවසා සිටියාය.