නත්තලට ටවුමට ලයිට් දාල ගොඩගිය නාගරික මන්ත්‍රි කව්ද ?

0
146

MC membersමීගමුවේ නත්තල් සමය යනු නාගරික මන්ත්‍රිලාට ගතමනා යහමින් ලැබෙනා කාලයකි.මේ බොහොමයක් දෙනා කෙසේ හෝ කල්පනා කරන්නේ මහජන මුදලින් නත්තල සමරන්නටය.
නගරය විදුලිඅලෝකයෙන් සරන එක මෙහි ඇති එක් ප්‍රධාන ටෙන්ඩරයකි.
මෙවර එහි හිමිකරුවා වුයේ මීගමුවේ එක්තරා චණ්ඩි මන්ත්‍රිවරයෙකි.
ඔහු විසින් මේ ටෙන්ඩරය ලබාගත්තේ අනෙක් මන්ත්‍රිලාගේද සහයෙනි.
මේ නිසාම අන් අයටද සන්තෝෂම් දෙන්නට මේ චණ්ඩි මන්ත්‍රි බැදි සිටි.
එහෙත් සිදුව ඇත්තේ නත්තල් සන්තෝෂම වෙනුවෙන් මේ මන්ත්‍රිලාට ලැබුන රු 15000 ක චෙක් පත රැගෙන බැංකුවට ගියද එය මාරුකරගැනිමට නොහැකි විමයි.
මේ ගැන වැඩියෙන්ම වික්ෂෝප වි ඇතැයි කියන්නේ මීගමුවේ හිටපු උපනගරාධිපතිවරයෙකි.