මෝඩාභිමානය නැමැති ප්‍රහසන වැඩසටහනකදී බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතයේ සිදු වූවා යැයි කියන සිද්ධි දාමයක් අරඹයා නතාශා එදිරිසූරිය විසින් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශාල කලබැගෑනියක් සමාජය තුල ඇතිවුණා.
මෙහිදී ලැබුනු පැමිණිලි සහ එල්ල වූ ආගමික නායකයන්ගේ පීඩනය මැද පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පරිගණක අපරාධ අංශය විසින් විමර්ශනයක් සිදුකර නතාශාව අත් අඩංගුවට ගෙන ICCR පනත යටතේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.
මෙම ICCR පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවෙකුට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට නැහැ. ඒ අනුව අදාල ඇප අයදුම් පත්‍රය අලුත්කඩේ මහාධිකරණ අංක 4 වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නතාශාට ඇප ලැබී තිබෙනවා.
මෙහිදී සිදුවූ නීතිමය ක්‍රියා පටිපාටියේ තාක්ෂණික වැරැද්දක් නැහැ. නමුත් මේ තත්ත්වයේදී එහි ඇති මූලික පරමාදර්ශයන් පිළිබඳ ගැටලු තිබෙනවා.
ඕනෑම ආගමක ශාස්තෘවරයන් කෙනෙකුට එහි අනුගාමිකයන් දැඩි භක්තියකින් පසුවීම සාමාන්‍ය තත්ත්වයක්. එය වෙනත් කිසිවෙකුට විහිලුවකට ලක් කිරීමට ඇති අයිතිය විවාද සම්පන්න යි.
ආගම මිනිසුන්ගේ අධ්‍යාත්මික ජීවිතය හා බැදී පවතින්නක් බැවින් එසේ උපහාසයට ලක් කිරීමෙන් ඇතිවන තත්ත්වය ආත්මීයව බලපෑම් සහගත කාරණාවක්. විවිධ ආගම් අදහන ජනතාවක් සිටින ලංකාව වැනි රටක ඒ නිදහස පුළුල්ව සාකච්ජාවට බදුන් විය යුතුයි.
නමුත් මා මෙහිදී උත්සාහ කරන්නේ මෙකී සිද්ධියේදී සිදුවූ ඇතැම් කරුණු වලට මාධ්‍ය මගින් වූ බලපෑම පිළිබඳව විවේචනාත්මකව බැලීමට උත්සාහ කිරීමයි. පලමුව අදාල මෝඩාභිමානය වැඩසටහන මාධ්‍ය මගින් වඩ,වඩා උලුප්පා පෙන්නීම මගින් එය සාමාන්‍ය ජනතාව අතර විශාල ආතතියක් බිහිකරනු ලැබුවා. එය නැවත,නැවත පෙන්වීම මගින් මාධ්‍ය විසින් ඇතිකරනු ලැබූවේ “මවන ලද යථාර්තයක්”. වෙනත් වචන වලින් කියන්නේනම් මේ මෝඩාභිමානය වැඩසටහන් මාලාවම සංවිධානය වී ඇත්තේ සිංහල-බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට බව ඉන් මතයක් ඇතිවුණා. නතාශාට විරුද්ධව ඇතිවන මතවාදී බලපෑම මින් ත්‍රීව්‍ර වුනා.
අනිත් පැත්තෙන් නතාශාට විරුද්ධව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයින්ගේ ප්‍රකාශද මාධ්‍ය මත එලි දැක්වුනා. මේ නඩුකටයුත්තේදී මහේස්ත්‍රාත් වරයෙකුට කල හැක්කේ තම අධිකරණයට මේ ICCR පනත යටතේ ඇපදීමට බලයක් නොමැති බව පවසා,ඒ සදහා මහාධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමුකිරීමට ඇති අයිතිය පහදා දීම පමණයි. ඊට වඩා යමක් මහේස්ත්‍රාත්වරයෙකුට කිරීමට හැකියාව නැහැ
නමුත් ඇතැම් නතාශාට එරෙහි නීතිඥයින්ගේ ප්‍රකාශ බැලූවිට පෙනී යන්නේ අදාල වරද පිළිබඳ අර්ථ නිරෑපනයක්ද ලබා දී ඇති බවයි. ලංකාවේ නීතිය අනුව ප්‍රශ්නගත නීතිමය තත්ත්වයකදී අදාල නීතිමය ගැටලුව පිළිබඳව අර්ථ නිරෑපනයක් ඉදිරිපත් කලහැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. එසේ කරන අර්ථ නිරෑපන නව නීති වාර්තා(NLR)ලෙස සැකසෙන අතර ඒවා මහාධිකරණ වල හෝ මහේස්ත්‍රාත් අධිකරණ වලදී පූර්වාදර්ශයන් ලෙස සැලකෙනවා. මාධ්‍ය මත ප්‍රවෘත්ති මැවීමට තමන්ට අයිතිය හෝ බලය නැති යමක් කිරීමට යාම කුමන හෝ පාර්ශවයකට අගතිදායකයි.
මහාධිකරණය විසින් නතාශාට ඇප ලබා දෙමින් සදහන් කල කරුණු හරහා මේ නීතිය පිළිබඳව පුළුල් විග්‍රයක් ඇතුලත්. කිසිම අවස්ථාවකදී එය අර්ථ නිරෑපනයක් දෙසට ගමන් නොකරවීමට විනිසුරුතුමා කල්පනාකාරී වී තිබෙනවා.
එය තමන් මත පිහිටා ඇති පරමාදර්ශීභාවය නිවැරදි ලෙසම සමාජය මත පිහිටුවීමක්. නීතියේ ආධිපත්‍ය පිළිබඳව පුරවැසියන් කෙරෙන් ගෞරවයක් මෙන්ම අවනතභාවයක්ද ඇතිවන්නේ එවැනි පූර්වාදර්ශ නිසාම යි.
ලංකාවේ සමකාලීන යුගය යනු සියලුම පරමාදර්ශයන් වෙලදපොල මත විකිණෙන යුගයක්. එය ලාභය පදනම් කරගත් නිෂ්පාදනයන් ලෙස සමාජය මත මුහු වෙනවා. ප්‍රාග්ධනය සිය ලාභය සමුච්චනය කිරීම සදහා අපේ ආත්මීයත්වය දෙසටම ගමන් කර අවසන්. ආදරය,ගෞරවය,භක්තිය,වැනි සංස්කෘතික ලෝකය තුල අපේ පිහිටුවීම් සලකුනු කල හැකි සංකල්පද අද මාධ්‍ය මත විකිණීම ඇරඹී තිබෙනවා.
නූතන වෙළඳ දැන්වීම් කලාව පරායත්ත වෙන්නේ එසේ ගල්ගැසී තිබූ අපේ සංස්කෘතික ලෝකය මත වීම එක් උදාහරණයක්. එසේ අපිට කේන්ද්‍රගත විය හැකි පිහිටුමක් සලකුනු කල හැකි ආත්මීය දේවල් විකිනෙනවා යනු අපි තුලම “හිස්” කමක් ඇතිවීමයි. තවදුරටත් අපේ පරමාදර්ශයන් වෙලදපොල තුල අලෙවියට තබා ඇති විට අපේ ජීවිතය බැද තබාගන්නා ස්ථානයක්ද අපිට අහිමි වෙනවා.
නතාශා බුදුන්ගේ ළමා කාලය විහිලුවක් වශයෙන් සමාජය මත මුදාහැරීමේදී ඇය අත තබන්නේ අපේ ජීවිතයේ පරමාදර්ශයකටයි. එය අපේ ආත්මීය කාරනාවක් වන්නේ එතැනිනු යි.
මනෝවිශ්ලේෂනය හරහා කියන්නේනම් බුදුන් යනු අපේ (බෞද්ධයන්ගේ)පීතෘ හැගවුම්කාරකයක්(master sighnified). එය විහිලුවක් කිරීමේදී නතාශා හා ධනවාදය සම තැන ගන්නේ මේ මංසන්ධියේදීයි.
කිසිදු තහනමකින් තොරව විනෝදය ලබාගන්නැයි ආරාධනා කිරීම මේ යුගයේ ප්‍රාග්ධන සමුච්චනයේ ස්වරූපය යි.
විනෝදයේ කෙලවර අතෘප්තිය ලෙස අපිට හමුවන විට එය නැවත තෘප්තිය වෙත ගෙනයාමට භාණ්ඩ හා සේවා මෙම ක්‍රමය මගින් අපිට මුන ගස්සනවා. මෙය චක්‍රයක් ලෙස සංවිධානය වීම අපේ දෛනික ජීවිතය බවට හැරී තිබෙනවා.
මනුශ්‍ය වර්ගයා පරමාදර්ශ(මාස්ටර්)මත පරායත්ත වී නැංගුරම් දා ගැනීම ඊට බාධාවක්. අපේ මේ නොනවතින විනෝදය අර්ථයකට ගෙන එන අනෙකා වන්නේ මේ මාස්ටර් හැගවුම්කාරකයයි(පීතෘ හැගවුම්කාරකය). එය විහිලුවට ලක් කිරීමත් ඊට එරෙහි නඩු කටයුතුත් ,ඊට ලැබෙන තීන්දු හා නියෝගත් සියල්ලම අඩුනැතුව ලාභය සදහා විකිනීම අද දවසේ මාධ්‍ය මුදලාලිලාගේ කාර්‍යය යි.
එක් අතෙකින් නතාශා සහ මාධ්‍ය මත පරස්පරතා දකින්න ලැබුනද මේ දෙපාර්ශවයම කරමින් ඉන්නේ සිය ලාභ රේට්ටුව සදහා මහජනයා මත නොනවතින විනෝදය තහවුරු කිරීමයි. නතාශා බුදුන්ගේ ළමා කාලය විහිලුවක් කිරීමත් මාධ්‍ය මත අධිකරණමය කටයුතු විහිලුවක් කිරීමත් හරහා සිදුවන්නේ අපි අර්ථයක් මත පිහිටවනු ලබන පීතෘ (මාස්ටර්)අපිට අහිමි කිරීමයි. පවතින සමකාලීන යුගය යනු එකිනෙකාට පරස්පර දේ කලද තමන් සේවය කරන්නේ පවතින ක්‍රමයටම බව වසන් කිරීමේ තාක්ෂණය ජනතාව මත පැටවීමයි.
දිලිත් ජයවීරට බැන වදිමින් නතාශා වීරවරියක් කරන්නන් ද ?නතාශාට බැන වදිමින් දිලිත් ජයවීර වීරයෙක්
කරන්නන් ද සිටින්නේ එකම බෝට්ටුවේ බව තේරුම් ගත යුත්තේ මේ නිසා ය.
carbonnews.lk