නව අවුරුදුදා මිගමුව වෙරළ උද්‍යානයේ ශ්‍රමදානයක් ..

0
411

නව වසර වෙනුවෙන් ඉතාමත් වැදගත් කටයුත්තට මුල පුරන්නට අහමදියා පල්ලයේ තරුණ කැළ අද මුලපුරා තිබුණි.

දහස් ගණන් ජනයා දිනපතා ඇදෙන මිගමුවේ වෙරළ උද්‍යානය පිරිසිදු කිරිම අහමදියා මුස්ලිම් පල්ලියේ යැදුම් මෙහෙයෙන් පසුව එහි තරුණ කණ්ඩායම විසින් පෙ.ව 6.00සිට පෙ.ව 9.00 සංවිධානය කරතිබුණි.

මේ සදහා මිගමුවේ මෙන්ම පස්සයාල තරුණ පිරිසද එක්වු බව එහි සංවිධාකයෝ පවසා සිටිති.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මිගමුව මහනගර සභාවද මෙයට සහය දක්වා තිබුණි.