හිටපු නගාරික කොමසාරිස්වරිය පසුගිය කාලය තුල ක්‍රියාත්මක කළ දැඩි ප්‍රතිපත්තිය තුල ලංසා පවුලට සම්බ න්ධ කිසිවෙකුටත් කිසිදු බුරුලක් දි තිබුනේ නැත. නීතියට පිටින් වැඩ කිරිමට උත්සාහ කළ සැමට නිසි පිළිතුරු දිමටද ඇය පියවර ගෙන තිබුණද දැන් සිටින්නේ නව කොමසාරිස්වරියකි .
ඇය පැමිණ පැය 8 ක් ගෙවි යන්නටත් මත්තෙන් දයාන් ලංසාල වැඩ පටන් අරන් තිබුණ අයුරු අප කරුණු සහිතව හෙළි කලෙමු
ලංසා පවුල සුපුරුදු පරිදි මිගමුව මහනගර සභාවේ දේපල අයථා ලෙසින් සිය හිතවතුන් වෙනුවෙන් භාවිතා කිරිම පටන් ගෙන තිබිම අප ඉතා නිවරදිව වාර්ථා කලෙමු
මහනගර සභාවට කිසිදු සම්බන්ධයක් නැති ලංසා පවුලේ හිතවතෙකුගේ මළ ගෙදරකට නගර සභාවේ කොඩි කණු නගර සභාවේ එල් . ඕ 1905 දරන සුදු පැහැති ටිපර් රථයෙන් සවස පටවා ගෙන ගොස් තිබුණි
වාර්තා වන අන්දමට දයාන් ලංසා විසින් ඉජිනේරු අංශයේ සුළු සේවකයෙකු අමතා කථා කොට මේ කටයුත්ත සංවිධානය කර ඇතැයි නගර සභා අපට සම්බන්ධතා ඇති අය මගින් දැනගතිමු
කොමසාරිස්ටත් කොකා පෙන්වා එදා රැගෙන ගිය කොඩි කණු අද පෙරවරුවේ පෙරියමුල්ලේ මංඤොක්කාහේන පිට්ටනිය ඉදිරිපිට යළි හිටවා තිබුනේද මිගමු නගර සභාවේ කම්කරුවන් දෙනෙකු විසිනි.
ලංසාලා බලෙන් අරන් ගොස් තිබුණ කොඩි කණු ටික ආපසු ගෙන්වා ගැනිමට නව කොමසාරිස්ට කොන්දක් නැති බව දැන් මිගමුවම දන්නා සත්‍යයක් වි හමාරය
ඉන් කියැවෙන්නේ කුමක්ද මාලිවේ ගම්පහ දිස්ත්‍රික්ක ලොකු සහෝදරවරුන්ගේද සහයෙන් සහ ආශිර්වාදයෙන් කැදවා ගෙන ආ නව කොමසාරිස් වරිය දැන් ලංසා පවුලේ රූකඩයක් වි ඇති බව නොවේද ?
මාලිමා පාලනයක් තුලත් ඩීල් ඇතිදැයි දැන් සැක පල කරන්නට තරම් සාධාරණා කාරණා රැසක් මිගමුව අරභයා සිදුවන්නට පටන් ගෙන තිබේ.මේ ගැන කරුනු රැසක් අප ඉදිරියේදි හෙළිදරව්ව කිරිමට සුදානමින් සිටින්නෙමු.
අද ( 11) සවස ගම්පහ ලොකු සහෝදරවරුන් ඇමැති මහත්තුරුන් පැමිණ නව කොමසාරිස් පාලනය ගැන සාකච්ජා කරද්දිත් ලංසාලා විසින් බලෙන් උස්සන් ගිය කොඩි කණු ටික මංඤොක්කාහේන පිට්ටනිය ඉදිරිපිට ඇති බව අමතක නොකළ යුතුය. නව කොමාසාරිස්තුමිය ගේ පළමු ලිට්මස් පරික්ෂණයෙන් අසමත්වි ඇති බවද මෙහිලා සලකුණු කිරිමටද කැමැත්තෙමු.
දේශපාලනයෙන් පචවුන ලංසාලට හුලං ගහන්නට පසුබිම හැදු ඔක්ෂිජන් සැපයු වගකිවයුත්තන් කව්දැයි මාලිමාවට ඡන්දය දුන් පනස් දහසට එහා ජනයාද දැනගත යුතුව ඇත
මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් කැමැති වුනත් නැතත් තිත්ත ඇත්ත නම් නව කොමසාරිස් පාලනය යටතේ ලංසාල සහ දුෂිත නිලධාරින් මෙන්ම බඩියන්ද දැන් රඟන්නට පටන් ගෙන ඇති බවය.මේ පසුබිම තුල ආණ්ඩුකාරවරයාගේද උදහසට ලක්ව ඇතැයි කියන දුෂිත ඉජිනේරුවාද තවත් කලක් මෙහි ලඟිනු ඇතිද යන සැකයද මාලිමා ක්‍රියාකාරින් තුල පවති.
.
ලංසා පවුලේ න්‍යාය පත්රවලට අනුව වැඩකරන අයෙකු සිටිම සැබැවින්ම අර්බුදයකි මේ ගැන නව කොමාසාරිස්වරිය කටයුතු කරනු ලබන ආකාරය ගැන අප සැම වඩාත් විමසිල්ලෙන් සිටින්නෙ
,ඒ ගැන අද සවසට එන ඇමති සහෝදර වරුන්ගෙන් සහ ඇමති මහත්තුරුන්ගෙන් ඇයට උපදෙස් ලබාගත හැකිව තිබේ.
හිටපු කොමසාරිස්වරියව මාරුකිරිම සහ බිච් පාක් එකට අදාල ඩිල් එකක් ක්‍රියාත්මක වෙමින් ඇතිද යන්න ගැනද සාධාරණ සැකයක්ද දේශපාලන සමාජය තුල දැන් මතුව තිබේ
මිගමුව ඡන්ද 54000 ක් ගෙන ඉහලින් ජයගත්තේ යළිත් වටයකින් ලංසාලට මෙසේ රඟන්නට ඉඩ දෙන්නටද යන ප්‍රශ්ණය මේ වන විට ප්‍රධාන දේශපාලන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ
වලන්කාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසක් යැයි යන කියමන දැන් මිගමුවට කදිමට ගැලපෙන බව මිගමුවේ මාලිමා සහෝදරවරුන් තේරුම්ගත යුතුව තිබේ