නව නගරාධිපති රාජකාරි භාරගැනිමේ උළෙලට සංවිධායක සරත් ගුණරත්න අමාත්‍යවරයා නොපැමිනේ.

0
57

පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් පසු මීගමුව මහා නගර සභාවට තේරී පත්වූ නව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා සිය ධුරයේ නිල රාජකාරී භාරගැනීම වෙනුවෙන් ඔක්තෝබර් මස 28 වැනි දින මීගමුව මහා නගර සභාවේදී පැවැත් වූ විශේෂ උත්සවයට බස්නාහිර පලාත් අග‍්‍රආන්ඩුකාර අලෙවි මවුලානා , බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග , පලාත් සභා අමාත්‍ය නිමල් ලංසා , යන මහත්වරුන් ඇතුළු ආරාධීත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වුහ.

එහෙත් එම විශේෂ උත්සවය සදහා ආන්ඩු පක්ෂයේ මීගමුව ආසනයේ ප‍්‍රධාන සංවිධායක සරත් ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී නොවීය. මෙම උත්සවය සදහා මීගමුව නාගරික කොමසාරිස් ඩබ්ලි්‍යු . පී . සේනාධීර මහතා විසින් මුද්‍රනය කරන ලද ආරාධණා පත‍්‍රයේ මෙම උත්සවය සදහා සරත් ගුණරත්න අමාත්‍යවරයා සහභාගී වන බවට බවට සඳහන් කර තිබුනත් ඔහුගේ නොපැමිනීම විශේෂයෙන් කැපී පෙනුනු සිදුවීමක් විය.

පසුගිය පලාත් පාලන මැතිවරණය ප‍්‍රකාශ කිරීමට පෙර සිටම  නිමල් ලංසා පලාත් සභා අමාත්‍යවරයා සහ සරත් ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා සමග යම් ගැටුමක් පැවතීය. එම ගැටුම එලිපිට සිදු වූ වාග් සංග‍්‍රාමයක් බවට පත් වුයේ පසුගිය පලාත් පාන මැතිවරණ ඡුන්ද ව්‍යාපාරය දියත් වන කාලවකවානුවේදී. එහිදී ආන්ඩු පක්ෂයේ බහුතර අපේක්ෂයන් ලංසා සහ සරත්  වශයෙන් දෙපිලකට බෙදී සිටියහ. ඒ අනුව මීගමුව මහ නගර සභාව සදහා පසුගිය පලාත් පාලන මැතිවරණයෙන්  ආන්ඩු පක්ෂය ජයග‍්‍රනය කලද නගරාධිපතිවරයා බවට පත් වුයේ නිමල් ලංසා  අමාත්‍යවරයාගේ පාර්ශවයේ ඇන්ටන් ජයවීර මහතායි.  මේ හේතුව මත  සරත් ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගී නොවු බවට එම උත්සවයට පැමිණි සිටි බොහෝ දෙනාගේ අදහස විය. එලෙසම එම පිරිස වැඩි දුරටත් අවධාරණය කරන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා මීගමුව ආසනයේ ආන්ඩු පක්ෂයේ  ප‍්‍රධාන සංවිධායක ලෙසින් අනිවාර්්‍යයෙන්ම සහභාගි විය යුතු මෙම උත්සවයට සහභාගී නොවිමෙන් පෙනී යන්නේ ලංසා-සරත් ගැටුම තවමත් අවසන් වී නොමැති බවයි.