නවලෝක රෝහලත් කඩොල් කැලේට ඇස ගසයි ?

0
131

MANGROWමීගමුව කලපුවට යා වෙමින්  පාරසරික වටිනාකමකින් යුක්තව පිහිටා ඇති  කඩොල් වනාන්තරයක්  තිබෙන අතර මෙයින් හෙක්ටයාර 13.7ක් නාරා ආයතනය මගින් පාලනය  කරනු ලබයි.  තවත් අක්කර 8ක පමණ ප්‍රමාණයක් අධිආරක්ෂිත කලාපයට අයත්ව තිබේ.  මෙම අක්කර 07 දැනට අවුරුදු ගණනකට පෙර දේශපාලකයින්ගේ මැදිහත්වීමෙන් අනවසරයෙන් කඩොල් කපා සුද්ධ භූමියක් බවට පත්කර ජල ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සූදානමක් පැවතුණි. පසුව එය අසාර්ථක වූ අතර මේ වන විට මෙම අක්කර 07 ගැන නැවත කතාබහ වෙමින් තිබෙන බව වාර්තා වේ.  ජනතාවට නිවාස සාදාගැනීම සඳහා ඉඩම් බෙදා දෙන  බවට ප්‍රෙද්ශයේ දේශපාලඥයෙකු විසින් පවසා ඇති අතර තවත් උත්සාහයක් සඳහා කඩොල් කඩොල් කැලෙන් භූමි ප්‍රමාණයක් ලබාගැනීමට උත්සහයක් ඇති බවත් වාර්තා වේ.
මීගමුව නගරයේ ඉදිකරමින් පවතින නවලෝක පුද්ගලික රෝහල  විසින් කඩොල් කැලේ ප්‍රෙද්ශයේ  ඝන අපද්‍රව්‍ය කළමනාකරණ  පද්ධතියක් තැනීම සඳහා සූදානමක් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය දිනක මීගමුව මහනගර සභාවේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇති අතර නවලෝක සමාගම විසින් යෝජනා කර ඇත්තේ එම කුණු ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය මගින් මීගමුව නගර සභාවේ කුණුත් ප්‍රතිචක්‍රීකරණය කර දීම නොමිළේ කළ හැකි බවයි. මෙම අපද්‍රව්‍ය කළමණාකරණ පද්ධතියේ අවශ්‍යතාවය ඇතිව තිබෙන්නේ නවලෝක සමාගමට බව පැහැදිලි වන අතර මේ සඳහා ස්ථානයක් අවසරය ලබාගැනීම වෙනුවෙන් නගර සභාව හරහා යම් වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. මෙම සාකච්ඡාවට මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, මීගමුව ප්‍රාෙද්ශීය ලේකම්වරයා සහ පරිසර අධිකාරියද සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙහිදී නගරාධිපතිවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර කඩොලාන පද්ධය ඇතුළත මෙවැනි දෙයක් ඉදිකිරීම පරිසරයට සිදුවන හානියක් බවට එහිදී අවධාරණය කෙරී ඇති බවද වාර්තා වේ.
MANS