නාඔටුන්නට මන්ත්‍රිකමක් ගන්න සරත් මහින්දගේ සහය පතයි !

0
275

sarath Bandu(4.15 pm ) බන්දුල නාඔටුන්න යනු පොහොට්ටුවේ සරත් පිළේ ප්‍රබලයෙකි.එහෙත්  ඔහු මෙවර ජයගන්නට නොහැකි විය.
එපමණක් නොව සරත් පිළ නියෝජනය ප්‍රබලයන් කිපදෙනෙකුටම මෙවර ජයගන්නට නොහැකි විය.
මේ නිසාම මේ කිපදෙනෙකු සදහා අතිරේක ලයිස්තුවෙන් කෙසේ හෝ මන්ත්‍රිධුරයක් ලබාගැනිම සදහා සරත් ගුණරත්න මේ වන විට නොනවතින අරගලයක නිරතව සිටි.
මේ අතර නාතාලි සහ ජුඩ් යන තවත් දෙදෙනෙකුව පත්කරගැනිමටද ඔහු සිය අරගලය ගෙනයමින් ඇති බවද වාර්ථා වේ.
මේ අරගලය ඊයේ වන විට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ දක්වාම ගොස් තිබුණි.
නාඔටුන්න ඇතුළු සරත් පිළ ලංසා පිළ එරෙහිව ප්‍රබල විරෝධයක මතුකිරිම සදහා ඉදිරියේදි ක්‍රියාකරනු ඇති බවට වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනිමට ඇත..
මේ අතර ලංසා පිළට සමිප ආරංචි මාර්ග දක්වා සිටින්නේ අතිරේක ලයිස්තුවෙන් පිරිමි අපේක්ෂකයන් දෙදෙනාව මේ වන විට නිමල් ලංසා පත්කර හමාර බවය.
මේ අය අතර නිමල් ලංසාගේ ඉතාමත් සමිපතමයෙකු වන ජිවංග මිරැන්ඩෝ දැනටමත් පත්කර හමාර බවද වාර්ථා වේ.