නාගරික මංති‍්‍ර බන්ධුල නාඔටුන්න කාගේ පැත්තේද ?

0
54

කොච්චිකඬේ ව්‍යාපාරිකයෙකු විසින් තෝප්පුව ඇල (බන්ඩි ඇල) මාර්ගයේ හැඩය වෙනස් වන පරිද්දෙන්  එක් ඉවුරක් ගොඩ කිරීමත් ඒ වෙනුවට වෙනත් ඇල මාර්ගයක් කැපීම යන කි‍්‍රයාවලිය සිදු වී තිබෙන්නේ ඒ සදහා වගකිව යුතු කිසිදු රාජ්‍ය ආයතනයක හා රාජ්‍ය නිලධාරියෙකුගේ අනුමැතියකින් කොරව අනීතිකවය. මෙම ඇල මාර්ගය කටාන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයත් මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් වෙන් කෙරෙන මායිම් ඇල මාර්ගයක් වන නිසාවෙන් එම ප‍්‍රදේශීය ලේකම්වරුන් අදාල වසම් වල ග‍්‍රාම නිලධාරීන් විසින් පොලිසියට පැමිනීලි පවා මේ සම්බන්ධයෙන් ගොනු කර තිබේ. එවන් තත්වයක කොච්චිකඬේ ප‍්‍රදේශයේ  ජනතා නියෝජිතයෙකු වන න්ඩු පක්ෂයේ බන්දුල නාඔටුන්න නාගරික මන්තී‍්‍රවරයා සිටින්නේ ව්‍යාපාරිකයාගේ පැත්තේද නොඑසේ නම් මේ ඇල මාර්ගය වෙනස් කිරීම තුල පීඩා විදින ජනතාවගේ පැත්තේ දැයි එම ගම් වැසි ජනතාව තුල මේ වනවිට ගැටඵවක් පැන නැගී ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 25 වැනි දින එම ස්ථානයට රැස්වූ පිරිස අදාල ව්‍යාපාරිකයා සහ නාගරීක මංති‍්‍රවරයා හමුවේ පවසා ඇත්තේ කොච්චිකඬේ පොලිසියට ලද පැමිණිලි මත මේ ව්‍යාපාරිකයාව අධිකරණය හමුවට ගෙන ඒමට පොලිසිය මේ වන විටත් කටයුතු කර ඇති බවකි. ඒ නිසා මෙම ප‍්‍රශ්නයට විසදුම් අධිකරණය තුල ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔවුන් විසින් වැඩි දුරටත් එහිදී පවසා තිබේ. එවිට මෙම නාගරීක මංතී‍්‍රවරයා පවසා ඇත්තේ පොලිසිය සහ උසාවි මේ ගැටඵවට අවශ්‍ය නැති බවත්, මෙය අපි අපි සාකච්ඡා කර විසදා ගත හැකි බවත්ය. එහිදී ඔහු ගම් වාසීන්ට යෝජනා කර ඇත්තේ අළුතින් කැපූ ඇල මාර්ගය එසේ තිබියදීම එම ඇල මාර්ගයේ ඉවුර ආශී‍්‍රතව අඩි 05 ක් පමන උසට සිටින සේ ගල් බැම්මක් අදාල ව්‍යාපාරිකයා ලවා ඉදි කර දීමට කටයුතු කරන බවයි. ඒ නිසා එයට කැමැත්ත ලබා දෙන ලෙසද ඔහු එම ගම් වැසි ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහෙත් ගම් වැසි ජනතාව පවසා ඇත්තේ ඇල මාර්ගයේ හැඩය වෙනස් වූ විට ගලා යන ජල පාරේ වේගය දැඩි වී ඒ තත්වය තුල තම නිවාස හා ඉඩම් ඇල ඉවුර හා සම්බන්ධ වීමට වැඩි අවධානමක් ඇති බවයි. ඒ නිසා ඔවුන් එහිදී ඉල්ලීම් කර ඇත්තේ අනීතිකව කපන ලද නව ඇල මාර්ගය වෙනුවට පැරණි වංගු සහිත ඇල මාර්ගය නැවත සකස් කර දෙන ලෙසයි. ඉන් පසුව එදින සවස මේ නාගරීක මංතී‍්‍රවරයාගේ නිවසේ අදාල ව්‍යාපාරිකයා නොමැතිව කැදවන ලද සාකච්ඡාවේදීද ඔහුගෙන් ගම් වැසි පිරිස ප‍්‍රශ්න කලේ ව්‍යාපාරිකයා නොමැතිව පවත්වන මෙම සාකච්ඡුාව ඵල රහිත බවයි. එහෙත් එහිදී ඔහු පවසා ඇත්තේ මුලින්ම ගම් වැසි ජනතාගේ තීරනය දැනුම් දුන් පසු තමන් ඒ පිලිදව ව්‍යාපාරිකයාට දන්වන බවකි. පසුව ගම් වැසියන් නව ඇල මාර්ගයට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇති අතර නැවතත් මේ නාගරීක මංතී‍්‍රවරයා පවසා ඇත්තේ නව ඇල මාර්ගය එලෙස තිබියදී එයින් සිදුවිය හැකි අවධානමක් වේ නම් ඒ සදහා පිලියම් ලෙස ව්‍යාපාරිකයා ලවා ගල් වැටියක් ඇල ඉවුර ආශී‍්‍රතව සකස් කර දෙන බවකි. එහෙත් ඒ අවස්ථාවේදී ද විරුද්ධත්වය පල කල ගම්වාසීන්ට ඔහු පවසා ඇත්තේ ඔවුන්ගේ තීරනය පිලිබදව නැවත නැවත සිතා බලන ලෙසයි.

මේ සියළු සිදුවීම් හා ප‍්‍රකාශයන්ගෙන් ගම්‍ය වන්නේ  ප‍්‍රදේශයේ ජනතාවගේ ඡුන්දයෙන් සහ මනාපයෙන් නාගරීක මංතී‍්‍රවරයෙක් ලෙස මීගමු නගර සභාවට තේරී පත් වී එය නියෝජනය කරන බන්ධුල නාඔටුන්න නාගරීක මංතී‍්‍රවරයා මෙම ගැටළුවේදී සිටින්නේ තමන්ට ඡන්ද සහ මනාප ලබා දුන් ජනතාවගේ පැත්තේ නොව අනීතිකව සමාජ විරෝධී සහ පරිසර විරෝධී කි‍්‍රයාවන් ගනනාවක්ම සිදු කල මෙම ව්‍යාපාරිකයාගේ  පැත්තේ බව නොවේද ???.