නාගරික මන්ත්‍රි සුනිල් සිල්වාට දැන් පක්ෂයක් නැතිලු

0
98
2010 දි සුනිල් යළිත් එජාපෙට පැන්න අවස්ථාව

sunil newnimal sunilනාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා දක්ෂ හැකියාවන් සහිත මන්ත්‍රිවරයෙකි. ඔහු සිය දේශපාලන ගමන අරඹන්නේ එජාපයෙනි.
මේ නිසාම ඔහු ශ්‍රිලනිපයේ දැඩි තාඩන පිඩනවලටද ලක්විය.
ඔහුගේ දේශපාලන හතුරා වුයේ නිමල් ලංසාය.
එහෙත් සුනිල් සිල්වා එකවරම අංශක 180 ක් කැරකි යළිත් නිමල් ලංසා හා අත්වැල් බැදගන්නේ දේශපාලනයේදි සාදාකාලික මිතුරෝ හෝ සතුරෝ නැතියැයි යළිත් ඔප්පු කොට පෙන්වමිනි.
එහෙත් පසුගිය ජනාධිපතිවරණ සමයේදි ඔහු හුලං අත බැලුවේ. ඒ අනුව යළිත් රුවල් දැම්මේය.
ඒ තමන්ගේ මහගෙදර වු එජාපයට යළි එක්විමෙනි.
එහෙත් දැන් ඔහු යළිත් හුලං අත බලමින් සිටින බව සැලය.
මීගමු නගර සංවර්ධන ය ගැන මීගමුව පුරපති ඇන්ටනි ජයවීර සහ එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා ඇමති රොයිස් විජිත මීගමුවේ ව්‍යාපාරිකයන් , වෘත්තියවේදින් ඇතුළු මීගමුව අළුතින් ගොඩනැගිය යුතුයැයි සිතන අය විසින් ගොඩනගා ඇති මීගමුව සංවර්ධන පදනම හා විශේෂ හමුවකට සහභාගිවි තිබුණි.
පසුගිය මහසභාරැස්විමේදි නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මෙම රැස්විම රහස් සාකච්ජාවක් යැයි හදුන්වා තිබුණි.
මීගමුව මහනගර සභාවෙ සිටින එකම කාන්තා නියෝජිතවරිය වන රෙමෝනා ලංසා මෙහිදි ඉතා හොද ප්‍රශ්ණයක් නගා තිබුණි.
එනම් සුනිල් සිල්වා මන්ත්‍රිතුමා ඔබ කොයි පක්ෂයේද යනුවෙනි.
නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා කියා තිබුනේ ඔහු දැන් කිසිදු පක්ෂයකට අයිති නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here