නාගරික මන්ත්‍රි සේපාල මොරවක මුස්ලිම් ජනයාට ප්‍රසිද්ධියේ අපහාස කරලා?

0
242

muslim cheurchමීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකුද වන සේපාල මොරවක යනු මීගමුව මහනගර සභාවේ සිටින වාචලම කට තියෙන නාගරික මන්ත්‍රිවරයා කිව්වොත් එය අතිශෝක්තියක්  නොවේ.
ඔහු වැඩියෙන්ම කට අරින්නේ අවස්ථා දෙකකදි පමණි.එනම් තමන් වාසියක් ගැනිමට සහ තවත් අයෙක් අපහසයට ලක් කිරිම සදහාම පමණි.
ඊයේ දිනයේ මේ වාචාල මන්ත්‍රිවරයා තම සහෝදර මුස්ලිම් මන්ත්‍රිවරයෙකුට කියා තිබුනේ ”මේ තම්බි හින්ද කිසි දෙයක් කරන්න බෑයි” කියාය.
මෙය සිදුව ඇත්තේ මීගමුව නගරාධිපතිවරයාගේ නිළ කාමරය තුල යැයිද වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ ප්‍රකාශයෙන් සිත් තැවුලට පත් ෆරිස් නම් වු නාගරික මන්ත්‍රිවරයා කියා ඇත්තේ තම ප්‍රජාවට කරන්නට යෙදුන මේ අවමන් ප්‍රකාශය වෙනුවෙන් සමාව ගන්නා ලෙසය.
එහෙත් සේපාල එසේ කරන්න තරම් මහත්මයෙකු නොවන නිසා එවැන්නක්ද සිදුව නැත.
සේපාල මොරවක නරගරයේ ප්‍රධාන පුරවැසියා වන නගරාධිපතිවරයාට ඔහු නැති අවස්ථා වලදි කියන්නේ ”නගරයා” යැයි කියාද සැලය.