නාගරික මන්ත්‍රි සේපාල මොරවකගේ ‘මෝඩ කානු නාටකය’තෙවන වරටත් රඟදැක්වෙයි. !

0
397

දළුපත-කාණුව-1

මීගමුව , දළුපත, ගල්කටුව පාරේ ප්‍රධාන පාරක් හරහට කපා කානුවක් සකස් කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් විරෝධතා, පෙත්සම් ,නිලධාරීන් හමුවීම් , ආදී සියල්ල තුළින් වගකිවයුත්තන් දැනුවත් කළ නමුත් ඒ කිසිවක් කෙරෙහි නගරසභාවේ අවධානය යොමු නොවීය .
ඉන්පසුව නැවත වරක් කිසිදු සම්බන්ධයක් නැති ආකාරයෙන් තවත් කානුවක් සකසා උඩින් කොන්ක්‍රීට් ලෑලි දමා සකසන ලදී .ඒ පාරේ දකුණු පැත්තෙනි.
මේ වනවිට නැවත තුන්වන වරටත් වම්පැත්තෙන්ද කානුවක් කපා සිමෙන්ති දමා සකසා ඇත .ප්‍රදේශවාසීන් මෙය හඳුන්වන්නේ මෝඩ පාලම යනුවෙනි .
මෙම මෝඩ ක්‍රියාවලිය තුළ අපට මතකයට එන්නේ කුඩාකළ අප අසා ඇති මහදැනමුත්තාගේ කතා මාලාවයි .
මෙකී මෝඩ ක්‍රියාව සම්බන්ධව අපට මේ අවස්ථා තුන සම්බන්ධ කර ගනිමින් ලිපි ලිවීමට සිදුවූයේ මේ පුද්ගලයා සම්බන්ධ පුද්ගලික ප්‍රශ්ණයක් නිසා නොව . අප ප්‍රශ්ණ කර සිටින්නේ මේ අවස්ථා තුනේදීම වැය කළ ජනතා මුදල් පිළිබඳවය.

සේපාලගේ තුන්වෙනි මෝඩ කාණුව

එසේම මේසඳහා නගරසභාවේ අදාල නිලධාරීන් විමසා බැලීමක් නොකර මෙසේ මුදල් අනුමත කළේ කෙසේද ? තාක්ෂණ නිලධාරි හෝ වෙනත් අදාල නිලධාරීන් මේ සඳහා අනුමැතිය දුන්නේ කෙසේද? යන ප්‍රශ්ණ පිපිළිබඳවය.
මෙහිදී විහිළුවට ලක්වන්නේ මේ නාගරික මන්ත්‍රී වරයා පමණක් නොව මුළු නගරසභාවමය.
ඒනිසා අප ප්‍රකාශ කර සිටින්නේ ජනතාව සමඟ කරන ඕනෑම දෙයක් මෙන්ම මෙවැනි දේවල්ද ඉතිහාසය ගත වන බවයි .