නාගරික මන්ත්‍රිගේ ගේ හදන්න නගරසභාෙව් ගස් කපලා.??

0
73

මීගමුව මහනගර සභාවේ තිබු කොට්ටන් ගස් 3 ක් සහ තේක්ක ගහක් කිසිදු නිත්‍යාණුකූල ක්‍රියාපටිපාටියකින් තොරව කපාගෙන ගොස් ඇතැයි වාර්ථාවේ.
මීගමුව නගර සභාව පිහිටා ඇති ප්‍රදේශය භාරව සිටින තාක්ෂණික නිළධාරියා වන රන්මුතු නැමැත්තා ද මේ අපරාධය පිටුපස සිටින බව වාර්තා වන අතර ඔහු බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතාගේ සුවච කිකරු ගෝලයකි.
මේ අතර මීගමුව නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතා කටුවපිටිය ප්‍රදේශයේ අළුතින් ඉදිකරන නිවස සදහා නගර සභා සේවකයන් සහ එහි යන්ත්‍ර උපකරණද යොදාගෙන තිබුන බව අප විසින් මීට පෙරද වාර්ථා කළෙමු.
සිය නව නිවසේ දොර ජනෙල් වෙනුවෙන් තමන් පළමු මන්ත්‍රිධුරය දැරු මීගමුව මහනගර සභාව සිහිවනු පිණිස ඒ භූමියේ වු තේක්ක ගස සහ නගර සභාවට සිසිළ දුන් කොට්ටන් ගස් කැපුවා වන්නටද පුළුවන් යැයි නම හෙළිකිරිමට අකැමැති නගර සභා නිළධාරියෙක් පවසා සිටියේය.