නාඳුනන මළ සිරුරු දෙකක් තවමත් මෘත ශරීරාගාරයේ

0
69

මීගමුව  මහ  රෝහලේ  මෘතශරීරාගාරයේ  නාඳුනන  මළසිරුරු දෙකක්   තවමත්   පශ්චාත්  මරණ  පරීක්ෂණයකින්  තොරව    තැන්පත් කර තිඛේ.  මෙම  මෘතශරීර  පිළිබඳ  පශ්චාත්   මරණ පරීක්ෂණ  කටයුතු  උසාවි  නියෝගයක්  මගින්  ඉදිරියේදී  සිදුකර  අවසන්  කරන  බව මේ පිළිබදව විමසීමේදී   දුන්ගාල්පිටිය  පොලීසියේ   ස්ථානාධිපති වරයා  අප  සමග  පැවසීය.  මීගමුවේ සිරිකුරුස පාලම අසල තිබී නාදුනන මළ සිරුර සොයා ගන්නා ලද්දේ අප්‍රේල් 02 වනදා  වන අතර තවත් මිය ගිය පුද්ගලයෙකු    සේරම්  ආයතනය  අසලින් හමුවිය. මෙම සිරුරු වල  තුවාල ,  තැළුම් හෝ  වෙනත්   කිසිවක්    නැති බව  පොලිස්  ස්ථානාධිපතිවරයා  තවදුරටත්  පැවසීය.


මෙහි පළවී  ඇති ඡායාරූප කිසිවක් ප්‍රවෘත්තියට අදාළ නොවේ.  stock-photo-dead-body-laying-on-a-floor-304477316

Homepage