නැ.පළඟතුරේ සණස සමිතියේ මිලියන 3 ක වංචාව

0
60

බස්නාහිර පලාත් /ගම්පහ /උප 12 යටතේ 1995/5/31 , දරණ අංකය මගින් ලියාපදිංචි වි ඇති සීමාරහිත නැගෙනහිර පළගතුරේ සණස බැංකුවේ රුපියල් ලක්ෂ 30 ක් හෙවත් මිලියන 30 ක පමන මුල්‍ය වංචාවක් සිදු වී ඇති බවට වාර්තා වේ. ගෙවී ගිය දෙවසරක පමන කාලය තුල මෙම මුල්‍ය වංචාව සිදු වී තිබේ. මෙම මුල්‍ය වංචාව සිදු වී ඇත්තේ බැංකුවේ කලින් සිටි කළමනාකාරියගේ කාලයේදීය. මෙම වංචාව ඇය විසින් සිදු කර ඇති බවත් මේ නිසා ඇය මේ වන විට වැඩ තහනමකට පවා ලක්ව ඇත. වසර 10 කට පමන පෙර පිහිටුවා ගැනුනු මෙම බැංකුව සමුපාකාර සමිතියක් මගින් මෙහෙයවෙන නිසා නැගෙනහිර පළගතුරේ ග්‍රාමයේ ජීවත් වන ගම්වැසියන්ගෙන් 75 ක් පමන මෙහි සමාජික සමාජිකාවන් වෙති. ඒ නිසා මෙලෙස මුලිකවම වංචාවට ලක් වී ඇත්තේ සමාජිකයන්ගේ තැන්පත් මුදල් සහ සමාජිකයන් නොවන පිරිසගේ තැන්පත් මුදල්ය. මෙම මුල්‍ය වංචාව සිදු කලේ යැයි කියන හිටපු බැංකු කළමනාකාරියට මෙන්ම මෙම සමුපාකාර සමිතියේ ගරු සභාපතිවරයා සහ භාන්ඩාගාරිකවරයා ද මෙහිදී  දැඩි ලෙස විවේචවනයට ලක්වේ. සභාපතිවරයා හා භාන්ඩාගාරිකවරයා ද මෙම මුල්‍ය වංචාව සිදු කල දැනට වැඩ තහනමට ලක් කර ඇති බැංකු කලමනාකාරියට මෙම අනීතික ක්‍රියාව සදහා අනුබල දී ඇති බවත් ඒ සදහා ඔවුන් දෙදෙනාගේද යම් සම්බන්ධයක් ඇතැයි ද ප්‍රකාශ වේ.

මෙම වංචාව හේතුවෙන් බැංකුව මේ වන විට උග්‍ර මුල්‍ය අර්බුධයකට ලක් වී ඇති බවත්, ඒ නිසා සමාජික සමාජිකාවන් අයදුම් කල ඇති ණය ලබා දීමද කල නොහැකි තත්වයට පත්ව තිබේ. ඒ අනුව බැංකුවේ මේ වන විට ණය ඉල්ලූම්පත් ගොඩගැසී ඇතැයිද වාර්තා වේ.

මුල්‍ය වංචාව පිලිබදව පිටතට හෙලිදරව් වීමත් සමග සමිතියේ සභාපතිවරයා සහ භාන්ඩාගාරිකවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් සිදු කර ඇත්තේ වංචාව සිදුකල බැංකු කලමනාකාරියගේ වැඩ තහනම් කීරීම පමනකි. එම වංචාවට අදාලව නිසි පරීක්ෂනයක් සිදු කර ඇයට නීත්‍යානුකූල සහ විනායනු කූලව  දඩුවම් ලබා දීමට ක්‍රියාත්මක වීමක් හෝ මෙතෙක් සිදු කර නැත.

එමෙන්ම සමුපාකාර සමිතියේ මහා සභා රැස්වීම්වලදී භාන්ඩාගාරිකවරයාගෙන් සහ සභාපතිවරයාගෙන් මේ මුල්‍ය වංචාව පිලිබදව යම් සාමාජික සාමාජිකාවන් ප්‍රශ්න කරන විට ඔවුන් එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා නොදී වෙනත් කරුණු කාරණා ගෙනහැර පාමින් එම ප්‍රශ්න වලින් මග හැර යන  තත්වයන් පිලිබදවද වාර්තා වුණි. එලෙසම සභාපතිවරයා සහ භාන්ඩාගාරිකවරයා මෙම මුදල් වංචාව පිලිබදව මෙතෙක් නිසි අයුරින් මහා මහා සභාව හෝ දැනුවත් කර නොමැති අතර සමුපාකාර දෙපාර්තමේන්තුව හෝ වෙනත් වගකිව යුතු ආයතන වල ඉහල නිලධාරීන්ට හෝ පැමිණිලි කර නොමැති බවද වාර්තා වේ. තවද මෙම සමිතියේ ධුර කාලයන් මේ වනවිට අවසන් ව ඉකුත්ව ගොස් ඇති අතර   සමිතියේ සිටින තම ඥාතීන් වන සමාජිකයන් හරහා නැවත තමන් සිටි ධුරයන් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවට ද මෙම සභාපතිවරයාට සහ භාන්ඩාගාරිකවරයාට චෝදනා එල්ල වේ.

ඒ අනුව ගත් කල මෙම මුල්‍ය වංචාව සිදු කල හිටපු බැංකු කළමණාකාරිවරිය සම්බන්ධයෙන්  සහ මෙම වංචනික සිදුවීම සම්බන්ධයෙන් සභාපතිවරයා සහ භාන්ඩාගාරිකවරයා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද පෙනී යයි.

 

මෙම මුල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නැගෙනහිර සණස සමුපාකාර සමිතියේ සභාපති වැන්සස් ලාවුස් මහතාගෙන් 031-3615350 දරණ දුරකථන අංකය ඔස්සේ අප කල විමසීමකදී , දැනට වැඩ තහනමකට ලක් ව ඇති හිටපු බැංකු කළමනාකාරියගේ ධුර කාලයේදී විශාල මුදල් වංචාවක් සිදු වී ඇති බවට පිලිගත් අතර එම මුදල රුපියල් ලක්ෂ 26 ක් පමන වන බවට බැංකුවේ අනෙක් කලමනාකාරවරයා සහ සමිතියේ භාන්ඩාගාරිකවරයා විසින් කරන ලද සොයා බැලීමකදී හෙලි වී ඇතැයිද ප්‍රකාශ කලේය.

මේ මුදල් වංචාව සම්බන්ධයෙන් සමිතියේ සභාපතිවරයා ලෙස තමන්ට එල්ල වන සියළු චෝදනා සහ විවේචන තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු පවසයි. බැංකුවේ හිටපු කළමනාකාරියගේ වැඩ තහනම් කිරීමම පමනක් ප්‍රමානවත් බවට තමගේ පෞද්ගලික මතය නොවුන බවත්, විනායානුකූලව සහ නිසි පරීක්ෂන පවත්වා ඇයට නීතයෘනුකූලව දඩුවම් කල යුතු බව තමන් පිලිගන්නා බවත් එහෙත් සමිතියේ සභාපතිවරයා ලෙස සාමුහික වගකීම් රැකිය යුතු නිසා බහුතර සභිකයන්ගේ කැමැත්තට අවනත වීමට සිදු වූ බවද ඔහු පවසයි. කේසේ වෙතත් හිටපු බැංකු කළමනාකාරිය විසින් වංචා කර ඇති සම්පුර්ණ මුදල් වලින් මේ වන විට එක් වතාවකදී ලක්ෂ 05 ක් සහ ලක්ෂ 09 ක් ලෙසින් මේ වන විට ලක්ෂ 14 ක් අයකරගෙන ඇති අතර ඇය සතු නිවසක් පිහිටි ඉඩම ක් අලෙවි කර ඉතිරි මුදල් ලබා ගැනීමටද මේ වන විට කටයුතු කර ඇති බවද පැවසීය.

එලෙසම ඇය සතු ඉඩමේ නීත්‍යානුකූල බලයද මේ වන විට සමිතියට පවරා ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ මුල්‍ය වංචාව නිසා බැංකුව මේ වන විට දැඩි මුල්‍ය අර්බුධයකට පත්ව නොමැති අතර  ණය අපේක්ෂිත සාමාජීක සාමාජිකාවන්ට ණය ලබා දීමද මේ වන විට සිදු කර ගෙන යන බවත් , මීට ටික කාලයකට පෙර එනම් මුල්‍ය වංචාව සිදු වූ කාලයේදීම ණය ආපසු ගෙවීම් වලදැඩි  පමා වීම් මත ගැටළු මතු වූ බව ද ඔහු අවධාරණය කරයි. එම ගැටළු බොහෝ දුරට මේ වන විට විසදගනිමින් එම ණය ආපසු ගෙවීම් බැංකුව වෙත ලැඛෙමින් පවතින හෙයින් මුල්‍ය අර්බුධයක් මේ වන විට නොමැති බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.  මෙම සමිතියේ සමාජිකයන් වන තම ඥාතීන් කිසිවෙක් නොමැති නිසා තමන් නැවත සභාපති වීමට බල පොරයක නොසිටින බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු අවසන් වශයෙන් අවධාරනය කලේ මේ මුල්‍ය වංචාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මේ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අනෙක් පුද්ගලයා වන්නේ සමිතියේ භාන්ඩාගාරිකවරයායි. සමිතියේ භාන්ඩාගාරික ලෝරන්ස් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැනීමටත් ඔහුගෙන් මේ සිදුවීම සම්බන්ධව කරුණු විමසීමටත් අප අවස්ථා කිහිපයකදීම උත්සහ කලත් එම උත්සහයන් ව්‍යාර්ථ විය.