නැතිබැරිකමට බෝට්ටුවෙන් රට පැන්න අයටත් කොටි ලේබල්.?

0
100

සිංහල පාලකයාට සිය බොරුව හොදින් කරගෙන යන්නට නම් අනෙකෙකු සිටිය යුතුමය.දමිල ජන අරගලය යුධමය වශයෙන් පරාජය කිරිමෙන් වසර 3 කට පසුවත් කොටි කතා කියන්නට පාලකයින් උත්සාහ දරන්නේ තමන්ගේ පරම්පරාව නඩත්තු කරගන්නට ගහන ගැහිලි ජනයාගෙන් වහගන්නට කොටි කථා තැන නොතැන කියා බිල්ලෙක් මවාලන්නටය.දගලන්න එපා බිල්ල ඉන්නවා යැයි මේ නිසා පාලකයෝ කියති .
මේ රෝගය දැන් පාලකයන්ගෙන් එහා ගිහින් පරි-පාලකයන්ටත් වැළෙදෙන්න පටන් ගෙනය.

ඊයේ ස්වාධින රූපාවහිනියේ ප්‍රවෘත්ති වලදි ඕස්ට්‍රෙලියාවේ ඉන්න ශ්‍රි ලංකා මහකොමසාරිස් වරයා  උත්සාහ ගෙන තිබුනේ මේ බෝට්ටු වලින් එහෙට එන ගමනත් ලංකා රජය අපකිර්තියට පත් කරන්න කොටි ජාලය විසින් ක්‍රියාත්මක කර අැති වැඩක් බව මවාලන්නටය.
අපට කියන්නට අැත්තේ නිවාඩුවකට ගෙදර එන ගමන් කටුනායකින් බැස මුන්න්කරය වැල්ලවිදිය ගම්පැතිවලට පැමිනෙන්නට කියාය.

එවිට  මීගමුවේ මාළු විකුණන අම්මල ඔයාල වගේ පරි-පාලකයන්ය තේරුම් කරල දෙයි ඇයි ජිවිත පරදුවට තියල බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවේ යන්න හැදුවේ ඇයි කියල.