එසේ මියගොස් සිටි 64 හැවිරිදි පුද්ගලයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලදැයි කියන අවසන් ලිපියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබේ.
පොලිසිය පවසන පරිදි එම ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
සිය නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ තැනැත්තිය තමාව රැකබලා ගැනීම උදෙසා ඇය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවත් කොවිඩ් 19 වසංගතය මර්ධනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති අරමුදලට ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් බැර කළ බවට එම ලිපියෙහි සඳහන් වේ.
2019/20 වර්ෂය සඳහා පියවීමට ඇති ආදායම් බදු ද තමන් විසින් ගෙවා ඇති බවත් සිය අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් පියවීමට උත්සහ කලද එය සිදුකළ හැක්කේ වයස අවුරුදු 70 කට වඩා වැඩිනම් පමණක් බැවින් එය පියවීමට තමන්ට නොහැකි වූ බව ද ඔහු සිය ලිපියේ සඳහන් කොට තිබේ.
තමන් විසින් සියදිවි නසා ගැනීම සඳහා යොදා ගනු ලැබූ ගිනි අවිය රුපියල් 151,500 ක මුදලකට මිලදී ගත් බවටද එම ලිපියෙහි සඳහන් වේ.
කෙසේ වුවත් මෙම ලිපියේ අඩංගු කරුණු සහ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මෙලෙස මියගොස් ඇත්තේ රජීව් ජයවීර නම් වන අයෙක් වන අතර ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු කළමණාකරුවෙක් මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළ අයෙකු වේ. ඔහු බොහෝ කාලයක සිට ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියටද ලිපි සපයා ඇත.
‘කළම්බෝ ටෙලිග්රාෆ්’ එකට ලිපි සම්පාදනය කල අයෙක් :
රජීව් ජයවීර ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ‘කළම්බෝ ටෙලිග්රාෆ්’ කර්තෘ මෙසේ පවසයි.
”උදේම නැගිටේ කණගාටුදායක ප්‍රවෘත්තියක් එක්ක. ඒ රජීවව මරල කියල ආපු කෝල් එකකින්. එයා මට ඥාතියෙකුත් වෙනව. රජීව ජයවීරගේ මරණය සිය දිවි නසා ගැනීමක් කියල පොලීසිය කියනව. ඒත් මට තාම හරියට තොරතුරක් නැහැ. එයා මට පහුගිය අප්‍රේල් මාසෙ වෙන කන් ලිව්ව එයාගෙ ඔපීනියන් කොලම් එකක්. ලිපි 170ක් ලියල තියෙනව ‘කළම්බෝ ටෙලිග්රාෆ්’ එකට.
ඒව මෙතනින් කියවන්න:
අන්තිම එක ලිව්වෙ මුස්ලිම් අය කොවිඩ් පතුරවනව කියල. ඒක මම දැම්මෙ නැහැ. ඒක පට්ට ජාතිවාදී කොලමක්. ඒකට මාත් එක්ක වාදෙකුත් ගියා. මම කිව්ව ආණ්ඩුව ඒ ඉන්දියාවෙයි, මැලේසියාවෙයි සම්මණ්ත්‍රණයට ගිහින් ආපු අයව ගුවන් තොටුපලේදි චෙක් නොකරපු ගැන ආණ්ඩුවට වරදක් නොකියා පිටරට ඉඳන් එන මුස්ලිම් අයට දොස් කියන එක වැරදියි කියල. එයා කොහොමත් ජාතිකවාදියෙක්.
එයා ලියන ඒව, එයාගෙ අදහස් මේ ආණ්ඩුව එක්ක එකට යනව, ඔය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හුටපට ගැන හැර. ශ්‍රී ලංකන් ගැන එයා ලියපු කොලම් හැර අනික්වාට මගේ කිසිම පුද්ගලික කැමැත්තක් තිබ්බෙ නැහැ. ඒත් ඒවත් මතනෙ.
නමුත් එයාගෙ මරණය ඝාතනයක් උනත් ඒක දැනට ලියල තියෙන දේවල් උඩ කරපු එකක් කියල හිතන්න අමාරුයි. අනික එයා මට විතරක් නෙමෙයි ‘සන්ඩේ අයිලන්ඩ්’ එකටත් ලිව්ව. අප්‍රේල්වල ඉඳන් එයා ලිව්වෙ ‘අයිලන්ඩ්’ එකට විතරයි. මට එවන එක නතර කරා අර වාදෙන් පස්සෙ. ඝාතනයක් උනත්, සියදිවි නසා ගැනීමක් උනත්, එයා ගිහින් දැන්.
එයා සිංහල බෞද්ධයෙක්. නිවන් සුව ලැබේවා රජීව අයියා!!
සත්‍යවාදී ලියවිල්ලකි !
පොලිසිය විසින් සොගත් බව කියන රජීව් ජයවීරගේ අවසන් ලිපිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ‘කළම්බෝ ටෙලිග්රාෆ්’ කතුවරයා මෙසේ සටහන් කර ඇත.
”රජීව සියදිවි තොරකර ගැනීමට පෙර ලියා ඇති පිටු තුනක ලිපිය කියවීමි. එය සත්‍යවාදී ලියවිල්ලකි. කොවිඩ් අරමුදලටත් මිලියන බාගයක් දීල, වැඩකරන කෙනාට මිලියන 1ක් පොතේ දාල ඔක්කොමත් කරල. 151,500කට ෆයරාම් එක අරන් තියෙන්නෙ. එයා ඒක අරගෙන නීතිය කැඩුවට දුක් වෙනව කියලත් කියනව.”
theleader.lk