නින්දෙන් ඇහැරුනු දායන් ලංසාට අද යහපාලනය මතක් වුනේ ඇයි ?

0
637

rajapaksha parkrajapaksha-park-2රාජපක්ෂ උද්‍යානයේ ඇති කිරිහල කුලි පදනම යටතේ ටෙන්ඩර කර තිබුණ අතර එහි හිමිකරු බවට පත්ව තිබුනේ මීගමුවේ එජාප ප්‍රබලයෙකි.
අද පැවති මුදල් කාරක සභා රැස්විමේදි මෙම ටෙන්ඩරය සමබන්ධයෙන් අදහස් පළකල  ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දායන් ලංසා පවසා සිටියේ මෙසේ කිරිහල ටෙන්ඩර් දිම සදහා බස්නාහිර පළාත් ඇමති සහ පළාත් කොමසාරිස්වරයාගේ අවසර  තිබිය යුතු බවය,

අපට දායන් ලංසාගෙන් අසන්නට ඇත්තේ සරල ප්‍රශ්ණ කිපයකි.

1.මීගමුව කොටුව පිට්ටනියේ නගර සභා මුදල් වලින් කඩ 26 ක් ඉදිකර වැල්ලවිදිය ඒකාබද්ධ ධීවර සංවිධානට ලබාදි ඇත්තේ පළාත් කොමසාරිස්ගේ අවසර ඇතිවද ?

2.විදේශ ආධාර මත ඉදිකෙරුන කොටුව පිට්ටනිය අසල මාළු වෙළපොල  පළාත් පාළන නිතියට පිටින් යමින් කතෝලික පල්ලියක් වෙත පවරමින් ඉන් අනතුරුව එය තම පියා වෙත අවුරුදු 5 කට බදු දි තිබුනේ පලාත් කොමසාරිස්ගේ අවසරය ඇතිවද ?

3.මීගමුව වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතිය සහ රථගාල පමණක් මීගමුව මහනගර සභාව විසින් ටෙන්ඩර කර තිබියදි දායන් ලංසාගේ පියා විසින් ලක්ෂ ගාණක මුදලක් මාසික කප්පම් ලෙසින් වෙරළ උද්‍යානයේ වෙළදුන්ගෙන් ලබාගනිද්දි පළාත් පාලන කොමසාරිස්ගේ හෝ මහඇමතිගේ ආශිර්වාදය ලැබි තිබුනේද ?

4.වෙරළ තිරයේ කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරිම නිතිවිරෝධි යැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලිව කියා සිටියදි බස්නාහිර පළාත් සභාවේ සංචාරක කටයුතු අමාත්‍යංශයෙන් රු ලක්ෂ 250 ක් වැයකරමින්  ජල උද්‍යානයක් ඉදිකර  එය සිය පියාණන් වෙත ලබා දි ඇත්තේ අදාල සියළු බලධාරින්ගේ අවසරය ඇතිවද ?

5.මීගමුව මහනගර සභාවට අයත් ප්‍රධාන ක්‍රිඩාපිටි ඇමති නිමල් ලංසාගේ ගජමිතුරන්ගේ පුද්ගලික දේපල බවට පත්කරමින් ඒ සියල්ලේ අදායම් මීගමුව මහනගර සභාවට අහිමි කර ඇත්තේ මහඇමතිවරයා සහ පළාත් පාලන කොමසාරිස් විසින් ඇමති ලංසාට පමණක් එසේ කරන ලෙස පළාත් පාලන නිතිය වෙනස් කර දි ඇති නිසාද ?

6. රාජපක්ෂ උද්‍යානයේ කිරිහල ගැන වද වෙන දායන් ලංසා ට තවත් එක් වැදගත් කරුණක් මතක් කර දිය යුතුව ඇත්තේ ඔහු පළාත් පාලන නිතිය තබා එයට අදාල කිසිවක් ගැන මෙලෝ මලබොලයක් නොදන්නා නිසාය.
රජපක්ෂ මුදලිදු විසින් සිය අක්කර 7 ක දැවැන්ත නාගරික වටිනාකමක් ඇති ඉඩමක් නගර සභාවට ලබාදෙමින් එය මීගමුව මහජනයාගේ විවේකය ගතකිරිම පිණිස කිසිදු අයකිරිමකින් තොරව ඉඩ සලසා දිය යුතු යැයි කොන්දේසියක්ද පනවමින් ලබාදි තිබියදි ඒ මුල් ඔප්පුව අස්ථානගත කරගමින් ඒ වගන්තිය හලා දමා රාජපක්ෂ උද්‍යානය ඩයිනෝ පාක් එක යැයි නම පවා වෙනස් කරමින් සිදුකරන ලද මහ දවල් මංකොල්ලයන් ගැන මහඇමති හෝ පළාත් පාලන පාලන කොමසාරිස්ගේ පුර්ණ ආශිර්වාදය ලැබි තිබුනේද ?
එපමණක් නොව  මේ ඩයිනෝ පාක් මගඩිය නිසා  වසර 5 කට වත් වඩා කාලයක්  රජපක්ෂ උද්‍යානය වසා දමා තිබුනේ මහඇමති එසේ කිරිම නිතියට එකගයැයි ඇමති ලංසාට කියා තිබුන නිසාද ?

7.මීගමුව මහනගර සභාවට අයත් කොටුව පිට්ටනිය අසල පාරෙන් සිය පියාගේ ගෝලයාට රථවාහන වලින් කප්පම් ගන්නට ඉඩ සලසා දිම ගැන මහඇමති සහ පළාත් පාලන කොමසාරිස් දැනුවත්ද ?

8.බ්ලුමුන් ( CIB) එක අසල කාණුව මත  ඇමති ලංසාගේ ගජමිතුරන් විසින් ඉදිකර ඇති අනවසර කඩ ගැන මහඇමතිට කියන්න දායන් ලංසාට අමතක වුනේ ඇයි ?

9.බස්නැවතුමේ ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව කිසිදු සුදුසුකමක් නැති මීගමුවේ කොන්ත්‍රාත්කරුවෙකු හට ලබාදි ඇත්තේ ඉහල බලධාරින්ගේ අවසරය ඇතිවද ?
2001 දි රු කෝටි ගණන් වැය කරමින් කොරියානු සමාගමක් විසින් ඉදිකරන ලද මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල දැන් කඩාවැටිමේ අවදානමකට ලක්ව තිබේ.
මේ ඉරණම මීගමු බස් නැවතුමටත් නුදුරු දිනකදි උදාවන්නේ නම් ඒ ගැන මහඇමති සහ පළාත් කොමසාරිස් කියනු ඇත්තේ කුමක්ද

10.මීගමුව නගර මධ්‍යයේ ඇති වානිජ වටිනාකමක් සහිත නගර සභාව සතු වු ඉඩම් සිය පුද්ගලික දේපලක් සේ පරහරණය කළ සිය සොහොයුරා වු ඇමති නිමල් ලංසාට එසේ කරන්න මහඇමතිගේ විශේෂ ලයිසමක් තිබුනේද,
එමෙන්ම නගර මධ්‍යයේ පිහිටි රහිමියා හෝටලයේ හිමිකරුට සිය නව ගොඩනැගිල්ල කැමැති පරිදි හදාගැනිම සදහා රේල්පාර අයිනේ තිබුන කොට්ටන් ගස් සියල්ල කපා පාර පලල් කොට විති රේඛා නැවත සකසා රජය සතු දේපල මංකොල්ල කන්නට අවසර දි ඇත්තේ දායන් ලංසාගේ සොහොයුරාට පමණද ?