නිමල් සහ කාවින්ද දැන් එකම බෝට්ටුවේ !

0
59

nimal - kavinda(7.00 pm ) පොහොට්ටුවේ වත්තල ආසන සංවිධායකධුරයට පසුගිය කාලය තුල මහන්සි ගත් නිමල් ලංසා තවමත් ඒ සදහා අසාර්ථක වි ඇත්තේ වත්තල ආසනයේ නාගරික මන්ත්‍රිවරුන් අතිබහුතරයක් තවමත් සිටින්නේ ජේෂ්ඨ දේශපාලකයෙකු වන නීල් රූපසිංහ සමග බැවිනි.
කප්පම් ආසන සංවිධායධුරයක් ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන අද සිටින්නේ ලංසාගේම බෝට්ටුවේය
මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන්ගෙන් අතිබහුතරයක් සිටින්නෙ කාවින්දට එරෙහිව. මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන් 19 දෙනාගෙන් කාවින්ද සමගින් සිටින්නේ 5 දෙනෙකු පමණි.
ඒ අයගෙන් බහුතරයක්ද අපසට ජොකියන්ය.
මේ අයගෙන් සමහරක් පැහැදිලි මිනිමරුම් චෝදනා  තිබේ. තවකෙකු ලංසාට හොරෙන් කරේ අතේ දාගෙන දුවලගේ ගෙවල් හැදිමට සිමෙන්ති පවා ලබාෙගන ඇති කැලි කසල සන්ලාය.
ඒ මදිවට ප්‍රබල රනිල් විරෝධියෙකුද ඒ අතර වෙයි. කලකට ඉහතදි රනිල් යනු බටලන්න මිනිමරුවා යැයි කියමින් මුහුණු පොතේ කරණම් ගැසුවෙකි.
මේ අයත් සමගින් ගමකට යෑමට පවා දැන් නොහැකි අසරණ තත්වයකට කාවින්ද දැන් පත්ව තිබේ.