නිරෝධායනය හමුවේ කලාපය අවට පවුල් අසරණ වනහැටි..

0
93

ftzමිට සුලු මොහොතකට පෙර ආරංචි වුයේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ තරුණ සේවිකාවකට සිය ආයතනය තුලදි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණයකදි ඇය ආසාදිත වි ඇති බව දැනගෙන තිබුණ බවය.

පසුව එහි පැමිණි සෞඛ්‍ය  බලධාරින් උපදෙස් දි තිබුනේ දැනට රෝහල් වල ඇදන් ප්‍රමාණවත්ව නැතිකම නිසා ඇයට නිවසටම වි සිටින ලෙසට උපදෙස් දි තිබුණි.

ඇය සමඟ එකට වෙසෙන මවට PCR කිරිම ගැනද උපදෙසක් ලැබි තිබුනේ නැති බවද සැලය.

එකම ඉඩමක නිවාස පවුල් කිපයක් වාසය කරන අතර ඒ සියලු නිවෙස්වලට නිරෝධායන නිවේදනය ඇලවු සෞඛ්‍ය නිලධාරින් වෙනත් විස්තරාත්මක උපදෙසක් නොදිම ආපසු ගොස් තිබුනේ ඒ ඒ පවුල්වල අයගේ විස්තර ආදාල සෞඛ්‍ය නිළධාරීන් වෙත වට්ස්ඇප් කරන ලෙසද දැනුම් දෙමිනි.

සියලු සෞඛ්‍ය නිලධාරින් මේ කලාපය තුල සිටිනුයේ අතිශය කාර්ය බහුල තත්වයකය.එය තේරුම් ගැනිම අපහසු නැත.එහෙත් නිරෝධායන යොමුකරනු ලැබු මෙවැනි පවුල් වෙත ලබාදිය යුතුව ඇති උපදෙස් ඒ අයව දැනුවත් කිරිම වෙනුවෙන් සිදුකල හැකි වඩාත් ප්‍රයෝගික වැඩපිලිවෙලක් සකස් කර ගැනිම අවැසිව තිබේ.

එය සැබැවින්ම මේ මොහොතේ බරපතල අභියෝගයකි.මෙවැනි පවුල් විසින් අසනු ලබන ප්‍රධාන ප්‍රශ්ණවලට සරල ලෙසින් පිලිතුරු සහිත පත්‍රිකාවක් පවා මෙවන් මොහොතක අසරණ වි ඇති පවුල්වලට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here