2015 මහ මැතිවරණයේදී එජාප නාමයෝජනා ලයිස්තුවට පළාත් සභා මන්ත්රී නීතිඥ චිත්රාල් ප්රනාන්දු ගේ නම ඇතුළත්වීම වලක්වාලීම සදහා පා.මන්ත්රී නිරෝෂන් පෙරේරා කරපු දෙයක් නොමැත. චිත්රාල්ගේ ආගමනය සිය දේශපාලනයට අභියෝගයක් සේ සලකන නිරෝෂන් පෙරේරා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් කවදත් වෙන්නප්පුව ආසනය තුළ තවත් දේශපාලන නායකත්වයක් ගොඩනැගෙනවාට කැමති වූයේ නැත. ඒ අනුව යමින් නිරෝෂන් පෙරේරා 2015 මහ මැතිවරණය අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් අවසාන පුරප්පාඩුවට හෝ චිත්රාල්ව ලයිස්තුවට ඇතුළත් කිරීමට ගත් උත්සාහයද වලක්වමින් ශ්රිලනිපයේ දේශපාලන සාමාජිකයෙක් වූ නීතිඥ හලරි ප්රසන්න මහතාව එජාපයට ගෙන ,සංවිධායකධූරයක් ද පිරිනමා නාම යෝජනා ලයිස්තුවට ඇතුළත් කළේය. තමන්ට තරගයක් නොවන පුද්ගලයෙකුව දමාගැනීමට නිරෝෂන් පෙරේරාට තිබූ උවමනාව එලෙස ඉටවු අතර හිලරි ප්රසන්නට මැතිවරණය ජයග්රහණය කරන්නට නොහැකි විය. දැන් මෙවර එජාප නායකත්වය විසින් හලාවත සංවිධායකධූර ලබාදීමේදී පා.මන්ත්රී ශාන්ත අඛේසේකර මහතාට පමණක් සංවිධායකධූරය ලබාදි ඇති අතර, හිලරි ප්රසන්න මහතාගේ සංවිධායකධූරය අහෝසි කර තිඛේ.
හැන්ද අතේ ඇති උදවියගේ දේශපාලන බලපුලුවන්කාරකම් එජාපය තුළත් මේ ආකාරයට සිදුවෙද්දී ඒවායේ ඉත්තන්වීමට ද සමහරුන්ට සිදුවේ. මෙවර සංවිධායකධුර පිරිනැමීම් සහ ඉවත්කිරීම් දෙස බලන විට තවත් දිස්ත්රික්ක වල ඒවාට උදාහරණ ඇත.
ෆයස් ප්රනාන්දු/වෙන්නප්පුව
http://www.meepura.com/2015/07/09/%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7/