නිරෝෂන් පෙරේරාගේ ඒකාධිපති වියරුවේ අවසානය ගොම පොදක් – නිරෝෂන් ඔබට දැන් සතුටු ද?

0
75

ප්‍රාදේශීය සභා ඡන්දයෙන් වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂය    ජන්ද 12000කින් පරාද විය. මේ පරාදය අනිවාර්්‍යයෙන් සිදුවන පරාජයක් බව බුද්ධිමතුන් කල්තියාම  දැන සිටියේ  අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ අත්තනොමතික, අමනොඥ්ඥ කල්කිරියාවේ අවසානයක්  පෙනේනට නැති නිසාය.  ඒ මදිවාට පෙස්ටස් පෙරේරාගේ කටවුට් වලට මුවාවී වෙන්න්ප්පුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ  බින්න බැහැගෙන සිටින ලලිත් සහ ශ්‍රී ලාල් යන කේවට්ටයින් ගේ අතිජාත කුමන්ත්‍රණ, සැලසුම්  සියල්ල  කුජිත වී රෙද්ද පල්ලෙන් දෝරේ ගියේය.
අමාරුම කාලයේ සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  වෙන්නප්පුවේ දේශපාලනය කළ කිසිවෙකුටත් ලයිස්තුවෙන් නාමයෝජනා නොදීමට මේ තුන්කට්ටුව වගබලා ගත්තේ  නිරෝසන් පෙරේරාගේ පැරිෂුට් ආගමනයේ හුලං බහියි යන බයටය. අවසානයේ එහි ප්‍රතිපළයක් ලෙස එජාප ක්‍රියාකාරීන් පිරිසක්  සරුංගලය ලකුණින් ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත් විය.  නිරෝෂන්‍ පෙරේරාගේ ලයිස්තුව  – ලලිත්ගේ සහ ශ්‍රීලාල්ගේ හෙංචයිය්ලාගෙන් පිරී ගියේය. ඒ ලයිස්තුව  ගැන සිරිකොත දන්නවා ද කියා අප නම් දන්නේ නැ. නමුත්  ගමේ  මිනිස්සුන්ට අනුව නම්   ඒ ලයිස් තුව හැදුනේ දිනන්නට නොව පරාද   වන්නටය.. අනාදිමත් කාලයේ සිටම පෙස්ටස් පෙරේරාගේ  ලේකම්වරුන් වන  ශ්‍රී ලාල්ගේ   රියදුරා ,    ලලිත් ගේ බිරිද -චාලට් කුරේරා (72)  සහ තවත් වෘත්තියෙන් නිති විරෝධී කසිප්පු විකුණන තරුණියක්ද යන  4 දෙනෙකු වෙන්න්පුව ආසනයෙන් ලයිස්තුවට ඇතුළත් වූයේ තවත් චිත්‍රාල් ප්‍රනාන්දු කෙනෙක් වෙන්නප්පුවෙන් නිර්මාණය වීමට තැබූ තිතකිනි. දැන් ඒ සියල්ලෝම පරාද වී ඇත. එජාප කණ්ඩායම වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත. මේ වෙද්දී  ශ්‍රී ලාල්ගේ රියදුරා පිහි ඇනුමකට සම්බන්ධ වී ඇති අතර හොයාගන්ටද නැත. නමුත් නිරෝෂන් පෙරේරාගේ අතිජාත ලේකම්වරුන්ගේ සැලැස්ම මේ හතර දෙනා කෙසේ හෝ ප්‍රාදේශීය සභාවේ වාඩිකරවන්නටය. සුදුස්සෝ එලියේ  තබා ගනිමින්  නිරෝෂන් දාම් බෝඩ් එකේ  ඉත්තන් ඇද්දේ දිනුවත් පැරදුනත් මට ඉහළින් යන්නට එකෙක්ට වත් බැරි වන්නටය.   දැන් සටන තියෙන්නේ ජන්ද අඩු වුණත් විපක්ෂයේ වාඩිකළ යුතු සුදුස්සන් අතරය. එහෙත්  නුසුදුස්සන් දැමීමට ශ්‍රී ලාල් සහ ලලිත් දෙපළ සුදානම් වන බව දැනගන්නට ඇත.  වාර්තා වන්නේ  උපන්දා සිට පෙස්ටස් පෙරේරා‍ගේ පවුලටම කැඹුරූ සරත් වික්‍රමරත්න වැනි මහත්වරුන්ට ද කෙළවන්නට  ශ්‍රී – ලලිත් කූට්ටම දගලන බවයි.  ඡන්ද කැම්පේන් එකට චිත්‍රාල් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රීවරයාගේ සහය ගත්තේම නැත. ඔහුව කපා පැත්තකටම කර තිබිණි. එමෙන්ම දැන් ජූඩ්,ධර්මසිරි  යන පළාත් සභා මන්ත්‍රීවරුන් සමග නිරෝෂන් පෙරේරාගේ ඇයි හොදයියක් නැත. ඔහුගේ එකම පිහිට කාර්යාලයේ අරක්ගෙන සිටින ශ්‍රී – ලලිත් දෙපළය.
නිරෝෂන් පෙරේරාගේ පියා හම්භ කළ දේපළ ද, මව හම්භ කළ දේපළ, සිය ජීවිත කාලයටම ඔහුට ඇතිය.අනුන්ගේ දුක ගැන ඔහුට වැඩක් නැත. ඒ නිසා ජනතාව දිනවන්නට  තරම් දේශපාලන අරමුණක් ඔහුට නැත. අවශ්‍ය වන්නේ තමන්ගේ පවුලට උඩින් එක UNP කපුටෙක්වත් පියාඹා නොයෑමය. මේ නිසා පසුගිය ජනාධිපතිවරණයේදී  චිත්‍රාල් ප්‍රනාන්දු ගේ නම ලයිස්තුවට ඇතුළත් නොවීම සදහා සියලු දුෂ්ටක්ම්, කුමන්ත්‍රණ, කළේය. අවසානයේ බැරිම තැන ශ්‍රිලනිපයේ හලාවත ආසනයේ සිටි නීතිඥ හිලරි ප්‍රනාන්දුව  සිරිකොතට කැදවා ගෙන ගොස් ලයිස්තුවට රිංගුවේය. අවසානයේ ඔහුත් පරාද විය.  එසේ නොවන්නට පුත්තලම් දිස්ත්‍රික්කයට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිමිවී හමාරය. එසේ නම් එක්සත් ජාතික පාක්ෂිකයා දිනුම්ය. නමුත් නිරෝෂන් පෙරේරාට අවශ්‍ය තනිවම රජ වෙන්නටය.
ඒ නිසා ජනතාව හැමදාම පරාදය. මේවා මෙසේ වන කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝද මෙවැනි දුරජන , පහත් නීච ක්‍රියාවන්ට උ‍ඩගෙඩි දෙමින් නිහඩව සිටිති. කෙසේ නමුත් වෙන්නප්පුව ආසනයේ ජනතාව මෙය තේරුම් ගෙන මෙවර  හොද පාඩමක් උගන්වා ඇත. එහෙත් නිරෝෂන් පෙරේරාට මේවා වැඩක් නැත. පෙස්ටස් පෙරේරාගේ නමට මුවාවී මොවුන් කරන මේ තක්කඩිකම අවසන් වන්නේ  ඉතිහාසයයේ පෙස්ටස් පෙරේරා තැබූ නමටද ගොම පිඩක් ඉතිරි කරමිනි.

ජසින්තා නිර්මලී24296685_714553198753744_6677123570457406083_n