මීගමුව මහ රෝහලේ බෙහෙත් ලබාගැනීම උදෙසා විශාල කැපකිරීමක්
කිරීමට අසරණ රෝගීන්ට සිදුවී ඇත. මෙහි ඇති තරප්පු පෙළවල් දෙකක්
පසුකර ගමන් කළ පසු පිරිසකට ඉද ගැනීමට අසුන් තිබුනද රෝගීන් ගේ
ප්‍රමාණය අනුව ඒවා ප්‍රමාණවත් නොවේ. මේ අනුව විශාල පිරිසකට
හිටගෙන සිටීමට සිදුවේ. මෙසේ සිටින අතරතුර එකිනෙකා කතාබහ කරන්නේ
මොනවාදැයි කන්දී සිටියහොත් ඔවුන් කොතරම් වේදනාවට පත්ව
සිටින්නේදැයි අවබෝධ කරගත හැක.අපමීට පෙරද මේපිළිබදව සදහන් කර ඇති
නමුත් මේවායේ වෙනසක් නැත.
පෝලිමේ සිටින රෝගීන් දොස් නගන එක් ප්‍රධාන කරුණක් වන්නේ
බෙහෙත් ලබා ගැනීම උදෙසා Staff යැයි පවසමින් පැමිණෙන රෝහලේම
සේවය කරන අය නිසා ඔවුන්ට සිදුවන අසාධාරණයයි. එක් අයෙකු වැඩි
වාර ගනනක් පැමිණ බෙහෙත් ගන්නා බවත්, ඒනිසා තමන්ට සිදුවන
අසාධාරණය කිසිවෙකුට නොපෙනෙන බවත් ඔවුන් පවසයි. සමහරු උදේ
පාන්දර 3.00ට පැමිණි බව පවසයි . තව කෙනෙක් උදේ 5.00 ට පැමිණි
බව පවසයි. එවිට ගතවන කාලය අනුව ඇතිවන ප්‍රතිඵලය වන්නේ මේ
නිසාම ඔවුන්ගේ රෝගී තත්වය තවතවත් උග්‍ර වීමයි. දුර බැහැර සිට
පවා එසේ පැමිණි රෝගීන් සවස 3 , 4 වනතුරුත් පෝලිමේ සිටී.
කුසගින්න විදදරා ගනියි. එහි ප්‍රතිඵලය වන්නේ ගෑස්ට්‍රයිටීස් වැනි
රෝග ඇති අයට එය වර්ධනය වීමට හේතුවක් වන බවයි. සමහර දිනවල එක
කවුළුවකින් පමණක් බෙහෙත් ලබාදෙන අතර යම් කිසි අයෙක් මේ ගැන
දොස් තබන විට පමණක් අනෙක් කවුළු තුලින්ද බෙහෙත් දීම ආරම්භ කරන
බව මේ අය පවසයි. සෙනග අතරින් අයෙකු දොස් නැගූ නිසා මෙම
කවුළු විවෘත වන්නේනම් මේ සදහා පාලනයක් අවශ්‍ය නොවේ යැයි යමෙකුට
කිව හැක. කෙසේ නමුත් මෙම සියළු දේවල් තුලින් පීඩාවට පත් වන
රෝගීන් එකිනෙකා සමග පවතින අසාධාරණය ගැන හොරෙන් හොරෙන් සාකච්ඡා
කළද දිනෙක එය සියළු බලධාරීන් අවධි කරවන මහ හඩක් බවට පත්වනු
ඇතැයි අප විශ්වාස කරන්නෙමු.