(7.45 am ) මීගමුවේ අතිබහුතරයක් සාප්පු සේවකයන් හට නිවාඩුවක් ගැනිමට නොහැකි තත්වයක් අනාදිමත් කාලයක සිට පවති.
මේ අයගෙන් බහුතරයකට මුලික කම්කරු අයිතිවාසිකම් පවා අහිමිය.
මේ තත්වය යටතේ පසුගිය වසරේ ඉදිරිපත් කරන්නට යෙදුන අයවැය යෝජනා තුල සාප්පු සේවක පණත සංශෝධණයකට ලක්විය.
මේ පසුබිම යටතේ මීගමුවේ සාප්පු සේවකයන්ට අඩුම තරමින් කැමැති දිනයක නිවාඩුවක් ගැනිමට හැකි හෙටක් උදා වෙනු ඇතැයි මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු..