නිවුන් දියණියන් තිදෙනෙකුට ජීවය දී මොලොවින් සමුගත් රම්‍යා

0
77

rasnayakapura_death_1නිවුන් දරුවන් තිදෙනෙකුට ජීවයදෙමින් තම දිවියෙන් සමුගත් මවක පිළිබඳ කණගාටුදායක පුවතක් නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

රස්නායකපුර, තලාකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ. එම් රම්‍යා කාන්ති අධිකාරි නැමති මෙම කාන්තාවගේ දරුගැබට මාස හතක් සම්පූර්ණ වී තිබියදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී මවගේ සෞඛ්‍ය තත්වය අවදානම්වීමත්, නිවුන් දරුවන් ලැබෙන්නට සිටීමත් යන කරුණු පිළිබදව සලකා බැලූ නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඇයව පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරුන් විසින් ඇගේ කුසෙහි නිවුන් දරුවන් තිදෙනෙකුම සිටින බව අනාවරණය කරගෙන තිබේ. පසුගිය 17 වැනිදා මෙම කාන්තාව සිසේරියන් සැත්කමකට ලක් කළ වෛද්‍යවරුන් දරුවන් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට සමත් වී ඇති නමුත් කිරිකැටි දියණියන් තිදෙනෙකු මොලාවට බිහි කළ රම්‍යා කාන්ති මාතාව ඉන් මොහොතකට පසු මොලොවින් සමුගෙන තිබේ.

මෙම කාන්තාව අවුරුදු එකහමාරක් වූ පමණ වූ සිගිති පුතෙකුගේද මවකි.

සටහන සහ ඡායාරූප – වාරියපොල නිසංකා අබේරත්නrasnayakapura_death_3rasnayakapura_death_5 rasnayakapura_death_4rasnayakapura_death_2rasnayakapura_death_7rasnayakapura_death_6http://www.wayambatoday.com